Search

බංග්ලාදේශ විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට කඩාවදී

බංග්ලාදේශයේ රාජ්‍ය විරෝධී කණ්ඩායම් එරට පාර්ලිමේන්තු සංකීර්ණයට කඩා වැදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

උත්සන්න වන නොසන්සුන්තා හේතුවෙන් අගමැතිනි ෂීක් හසීනා ඉල්ලා අස්වී රටින් පිටවී ආරක්ෂාව සඳහා ඉන්දියාවට ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

විරෝධතාවල නිරත කණ්ඩායම් අගමැතිවරියගේ පක්ෂ කාර්යාලය ද ගිනි තබා ඇති බව ද සඳහන්.

අගමැතිනිය ඉවත් වීමත් සමග බංග්ලාදේශයේ අන්තර්වාර රජයක් පිහිටුවන බව එරට හමුදා ප්‍රධානියා වන වේකර් උස් සමාන් නිවේදනයක් කළා.

විරෝධතාකරුවන් දහස් ගණනක් පවතින ඇඳිරි නීතිය ද නොතකා අගනුවර වීදිවල ගමන් කර අගමැති මන්දිරයට කඩා වැදී තිබුණා.

පසුගිය දින කිහිපයේ බංග්ලාදේශයේ ඇති වූ විරෝධතා වල දී 300කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර විශාල ප්‍රමාණයක් තුවාල ලැබුවා.

විරෝධතාකරුවන් රජයේ රැකියා කෝටාවට විරෝධය පල කරමින් කටයුතු කළ ද පසුව අගමැතිනිය ධූරයෙන් ඉවත්විය යුතු බවට විරෝධතා සිදු කර තිබෙනවා.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »