බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා අගමැති ධුරයෙන් ඉවත් වී තම නිල නිවසින් පිටත්ව ආරක්ෂිත ස්ථානයක් වෙත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ බංග්ලාදේශ අගමැතිනිය ධුරයෙන් ඉවත් වී ඉන්දියාවේ ආරක්ෂක ප්‍රදේශයකට පිටව ගොස් ඇති බවයි.
රටේ දීර්ඝ කාලයක් සේවය කරන අගමැතිවරියට ඉවත් වන ලෙස ඉල්ලා සරසවි සිසුන් ඇතුලු කණ්ඩායම් විසින් පවත්වන විරෝධතා ව්‍යාපාරය හමුවේ අගමැතිවරිය මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ඊයේ බංග්ලාදේශයේ රාජ්‍ය විරෝධී ක්‍රියාකාරීන් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 90 දෙනෙකු මිය ගිය අතර තවත් සිය ගණනක් තුවාල ලබා තිබෙනවා.
විරෝධතා සහ ගැටුම් හේතුවෙන් එරට අන්තර්ජාල සේවා ද සම්පූර්ණයෙන්ම විසන්ධි කිරීමටයි පියවර ගෙන තිබුණේ.
පසුගිය දින කිහිපය පුරා බංග්ලාදේශයේ පැවති විරෝධතාවල දී 300කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
විරෝධතාකරුවන් පසුගිය ජුලි මාසයේ සිට රජයේ රැකියා කෝටාවට විරෝධය පල කරමින් විරෝධතා ආරම්භ කළ ද පසුව එය පුළුල් රාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් බවට පරිවර්තනය වී අගමැතිනිය ධූරයෙන් ඉවත්විය යුතු බවට බල කරමින් විරෝධතා මෙහෙයවා තිබෙනවා.
ගැටුම් හමුවේ මියගිය පිරිසට පොලිස් නිලධාරීන් 13 දෙනෙකු ද ඇතුළත් වන අතර තවදුරටත් ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා රටපුරා දින නියමයක් නොමැතිව ඇඳිරි නීතිය ද පැනවීමටයි පියවර ගෙන ඇත්තේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙසට මෙන්ම සංයමයෙන් කටයුතු කරන ලෙස බංග්ලාදේශ දේශපාලනඥයින්ගෙන් සහ ආරක්ෂක අංශවලින් ඉල්ලා තිබෙනවා.