ඔස්ට්‍රේලියාවේ Cash rate අනුපාතිකය තවදුරටත් සියයට 4.35 ක මට්ටමක තවදුරටත් පවතිනු ඇති බව ආර්ථික විශේෂඥයින් පවසනවා.
ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානීන් ඊයේ (5) සහ අද රැස්වන අතර සංචිත බැංකුව අද (6) පස්වරු 2.30ට පොලී අනුපාතිකය ගැන නිල නිවේදනයක් සිදු කරනු ඇති බව සඳහන්.
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ද සියයට 3.8 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව පෙන්නුම් කෙරෙනවා.
කෙසේ වෙතත් ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට පොලී අනුපාතිකය යම්තාක් දුරකට අඩු වනු ඇති බවයි.
තවද උකස් හිමියන්ට උකස් පොලී අනුපාතිකය සම්බන්ධ සහනයන් ලබන වසරේ පෙබරවාරි තෙක් අපේක්ෂා කළ නොහැකි බවට ද ඇතැමුන් පුරෝකථනය කර තිබෙනවා.
පොලී අනුපාතවලට කුමක් සිදුවේද සහ ඒවා පහත වැටෙන්නේ කවදා යන්න නිශ්චිත පිළිතුරක් මෙතෙක් නොමැති අතර පසුගිය සතියේ ඔස්ට්‍රේලියානු කොටස් වෙලඳපොලේ මිල ගණන් ද වැඩිවීමක් සිදුවූ බව සඳහන්.