ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිෂන් සභාව එළඹෙන ෆෙඩරල් මැතිවරණයට පෙර වැඩි වැටුප් හිමි වන නව රැකියා ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.
ඡන්ද ප්‍රකාශය සඳහා දිනයක් තවමත් ප්‍රකාශයට පත් කර නොමැති අතර ඇතැම් පිරිස් මත පල කර ඇත්තේ ඡන්දය තවදුරටත් ප්‍රමාද වනු ඇති බවයි.
නමුත් ව්‍යවස්ථානුකූල නීති රීතිවලට අනුව එය 2025 වසරේ මැයි 17 වනදා දක්වා ඕනෑම සෙනසුරාදා දිනයක පැවැත්විය හැකි අතර දැනටමත් මැතිවරණය වෙනුවෙන් රට පුරා තාවකාලික සේවකයින් සොයමින් පවතින බවයි වාර්තා වන්නේ.
මෙම රැකියාවන්ට බඳවා ගන්නා සේවකයන්ට මැතිවරණයට පෙර සති පහක කාලයක සිට මැතිවරණ දිනය දක්වා වැඩ කිරීමට සිදු වනු ඇති.
ඉදිරිපෙළ ඡන්ද පොළ කාර්ය මණ්ඩලය, අධීක්ෂකවරුන්, ජංගම නිරීක්ෂණ කණ්ඩායම්, දුරස්ථ ප්‍රදේශ සේවා කණ්ඩායම්, ගණන් කිරීමේ කාර්ය මණ්ඩලය සහ තවත් බොහෝ සේවා සඳහා සේවකයන් අවශ්‍ය බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර ඇත්තේ.
මීට අමතරව තාවකාලික කාර්ය මණ්ඩලයක් ලෙස පෙර මැතිවරණවලදී සේවය කර ඇති අයට ද නැවත මේ සදහා අයදුම් කළ හැකි අතර ඔවුන් නව ක්‍රමය යටතේ නැවත ලියාපදිංචි විය යුතු බව නිවේදනය කර තිබෙනවා.
මෙම තනතුරු සඳහා උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට මාර්ගගතව මේ සදහා ලියාපදිංචි විය හැකි අතර කොමිසම සඳහන් කර ඇත්තේ පෙර මැතිවරණවල අත්දැකීම් මේ සදහා අයදුම් කිරීමට අත්‍යාවශ්‍ය නොවන බවයි.