මෙල්බන් අවට පැතිර යන මාරාන්තික ලීජනෙයාර්ස් (Legionnaires) රෝගයේ මූලාරම්භය හඳුනාගෙන ඇති බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
ලැවර්ටන් නෝර්ත් (Laverton North) ප්‍රදේශයේ ජල පිරිපහදු කුළුණකින් පැතිර ගිය බවට අනාවරණ වී ඇති රෝගයෙන් මේ වන විට මරණ දෙකක් වාර්තා වී තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය ක්ලෙයාර් ලුකර් පැවසුවේ මෙතෙක් නිශ්චිතව එක් ජල පිරිපහදු පද්ධතියක් හඳුනාගෙන නොමැති අතර ඉහළ සම්භාවිතාවක් ඇති ස්ථාන කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවයි.
අද පෙරවරු 9.15 වන විට, තහවුරු වූ රෝගීන් 77ක් සහ සැක සහිත රෝගීන් 9 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙකු වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයන්.
මියගිය දෙදෙනාගෙන් පළමු මරණය අවුරුදු 90ක කාන්තාවක් වූ අතර දෙවන මරණය ලෙස ඊයේ 60 හැවිරිදි පුද්ගලයෙකුගේ මරණයක් වාර්තා වුණා.
එමෙන්ම හඳුනාගෙන ඇති බොහෝ රෝගීන් North Laverton සහ Derrimut වලින් බව ද සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළා.
වසංගතයට සම්බන්ධ රෝගීන් බොහෝ දුරට ජූලි 5 සිට 20 දක්වා කාලය තුළ නිරාවරණය වී ඇති බවට විශ්වාස කෙරෙනවා.
කෙසේවෙතත් මේ වන විට රෝගීන් වාර්තා වීමේ අඩුවක් දක්නට අල්බේන අතර තත්වය ස්ථාවර වෙමින් පවතින බවට විශ්වාස කරන බව ද ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිවරිය සඳහන් කර තිබෙනවා.
මෙම රෝගය ආරම්භ වීමේ මූලාශ්‍රයක් හඳුනා ගැනීම සඳහා වික්ටෝරියා සෞඛ්‍ය බලධාරීන් විසින් සැක සහිත ජල පිරිපහදු පද්ධති 100න් 54ක් පරීක්ෂා කර තිබෙනවා.