Search

නොසැළකිළිමත් මෙල්බන්වාසීන් නිසා දුම්රිය පමාවීම් ඉහළට

දුම්රිය හරස් මාර්ගවල සලකුණු, ගේට්ටු මෙන්ම සංඥාවලට අවනතව කටයුතු කරන ලෙසට මෙල්බන් මෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ දුම්රිය මගීන්ට විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

සෑම විටම ගමන් කිරීම සඳහා අවසර ඇති හරස් මාර්ග පමණක් භාවිතා කරන ලෙසටයි ජනතාවට දැනුම් දෙන්නේ.

එමෙන්ම දුම්රිය මාර්ගවලට අනවසරයෙන් ඇතුළු වූවන් හේතුවෙන් මෙල්බන් දුම්රිය ජාලයේ ගමන් වාර සිය ගණනකට ප්‍රමාදයන් ද සිදුවන බව පෙන්වා දී තිබෙනවා.

සෑම වසරකම දුම්රිය මාර්ගවලට අනවසරයෙන් ඇතුළු වීමේ සිදුවීම් දහස් ගණනක් සහ මිනිසුන් දුම්රියේ ගැටීමේ සිදුවීම් සිය ගණනක් හේතුවෙන් මෙල්බන් දුම්රිය ජාලයේ සැලකිය යුතු ප්‍රමාදයන් ඇති කරන බවයි අනාවරණ වී ඇත්තේ.

2023 වසරේදී පමණක් මෙට්‍රෝ ජාලයේ මාර්ග වෙත අනවසරයෙන් ඇතුළුවීමේ සිද්ධීන් 3000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වූ අතර එය සාමාන්‍යයෙන් දිනකට සිදුවීම් අටකට වඩා වැඩි ප්‍රමාණයක් වනවා.

මෙට්‍රෝ ට්‍රේන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී රේමන්ඩ් ඕ’ෆ්ලැහර්ටි (Raymond O’Flaherty) වික්ටෝරියා ජනතාවට පැවසුවේ දුම්රිය මාර්ග අවට අවදානම් සිදුවීම් වළක්වා ගැනීම සඳහා ආරක්ෂිතව අවධානයෙන් කටයුතු කරන ලෙසටයි.

පැයට කිලෝමීටර 110ක පමණ වේගයෙන් ගමන් කරන දුම්රියක් සම්පූර්ණයෙන් නතර කිරීමට සාමාන්‍යයෙන් මීටර් 400 කට වඩා වැඩි දුර ප්‍රමාණයක් ගමන් කළ යුතු වනවා.

මගීන්ගේ මොහොතක නොසැලකිල්ල විනාශකාරී විය හැකි අතර එය දුම්රිය සේවකයින්, මගීන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙන්ම සිදුවීම දකින සෑම කෙනෙකුටම කල්පවත්නා කම්පනයකට හේතු විය හැකි බව ද ඇය අවධාරණය කළා.

වික්ටෝරියා ප්‍රාන්ත රජය දුම්රිය මාර්ගවලට අනවසරයෙන් ඇතුල්වන්නන් වැලැක්වීම සඳහා ෆ්‍රෑන්ක්ස්ටන්, ඩැන්ඩෙනොං, සැන්ඩ්‍රින්හැම් සහ මර්න්ඩා මාර්ගවල ප්‍රධාන කලාප ඉලක්ක කර ගනිමින් කිලෝමීටර් 16 කට වඩා වැඩි දුරක නව වැටවල් සවි කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

ඊට අමතරව මෙට්‍රෝ දුම්රියේ ප්‍රජා අධ්‍යාපන කණ්ඩායමක් මගින් පාසල් සහ ප්‍රජා කණ්ඩායම්වලට දුම්රිය ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන බවයි සඳහන් වන්නේ.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »