Search

ලොව වේගවත්ම මිනිසා ඇමරිකාවෙන්

මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේ දී ලොව වේගවත්ම මිනිසා ලෙස වාරතා අතරට එක්වීමට ඇමරිකාවේ නෝආ ලයිල්ස් (Noah Lyles) සමත්වුණා.

ඒ 2024 ඔලිම්පික් උළෙලේ මීටර 100 පිරිමි ඉසව්වේ ශූරතාව හිමි කර ගනිමින්.

එහිදී ඔහු වාර්තාකළ කාලය තත්පර 9.79ක්.

මෙම ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගැනීමට ජැමෙයිකාවේ කිශේන් තොම්සන් (Kishane Thompson) සමත් වූ අතර ඔහු වාර්තා කළ කාලය තත්පර 9.79ක්.

නෝආ ලයිල්ස්ගේ මෙම ජයග්‍රහණය මීටර 100 පිරිමි ඉසව්වෙන් වසර 20කට පසු අමෙරිකාවට හිමිවූ පළමු රන් පදක්කම ලෙසටයි සැලකෙන්නේ.

මීට පෙර මෙම ඉසව්වේ රන් පදක්කම ජස්ටින් ගැට්ලින් විසින් 2004 වසරේ ඔලිම්පික් උළෙලේදී අමෙරිකාව වෙනුවෙන් හිමිකර ගනු ලැබුවා.

මෙහි රිදී ලෝකඩ පදක්කම ඇමරිකා එකසත් ජනපදයේ ෆ්රෙඩ් කර්ලි (Fred Kerley) විසින් දිනාගෙන තිබෙනවා.

පසුගිය ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 ශූරයා වූ ඉතාලියේ මාර්සෙල් ජේකබ්ස්ට (Marcel Jacobs) මෙවර පස්වන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු වීම විශේෂත්වයක්.

මේ අතර ඔලිම්පික් මීටර් 400 මූලික වටයේ තරගයට එක්වූ අරුණ දර්ශන වසර 24කට පසු එම ඉසව්වේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත්වීමට ඊයේ (04) සමත් වුණා.

තත්පර 44.99ක කාලයකින් තරගය අවසන් කළ ඔහු සහභාගි වන මීටර් 400 අවසන් පූර්ව තරගය අද පැවැත්වීමට නියමිතයි.

2000 වසරේදී සිඩ්නි ඔලිම්පික් උලෙළේදී සුගත් තිලකරත්න මූලික වටයේදී තත්පර 45.54කින් දෙවැනි වටයට සුදුසුකම් ලබා ගැනීමෙන් පසු මීටර් 400 ඔලිම්පික් දෙවැනි වටයට සුදුසුකම් ලබා ගත් ක්‍රීඩකයා අරුණ දර්ශන වනවා.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »