Search

ක්වීන්ස්ලන්ඩ් පොදු ප්‍රවාහනයේ ශත 50ක ගාස්තු ක්‍රමය ඇරඹෙයි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ශත 50ක පොදු ප්‍රවාහන සේවා ගාස්තු ක්‍රමය අද සිට ක්‍රියාත්මක වනවා.

ප්‍රාන්ත ප්‍රවාහන බලධාරීන් පෙන්වා දෙන්නේ පොදු ප්‍රවාහනය භාවිතා කරමින් රැකියාවට සන දෛනික කටයුතු සඳහා යන ක්වීන්ස්ලන්ඩ් වැසියන්ට ප්‍රාන්තය පුරා ශත 50ක ගාස්තු ක්‍රමයෙන් ප්‍රයෝජන ලබා ගැනීමට හැකි වන බවයි.

ප්‍රාන්ත රජයේ මැතිවරණ පොරොන්දුවක් අනුව ට්‍රාන්ස්ලින්ක් ජාලයේ සියලුම කලාප සහ මාර්ගවල ගාස්තු ශත 50ක් දක්වා අඩු කර තිබෙනවා.

ඊට සියලුම බස් රථ, දුම්රිය, පාරු සේවා මෙන්ම ට්‍රෑම් රථ සේවා ද ඇතුළත්.

මෙම ගාස්තු අඩු කිරීමට සමගාමීව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගුවන් ගමන් ගාස්තු ද අඩු කර ඇති අතර ප්‍රවේශපත්‍ර ඩොලර් 10.95 සිට ලබා ගත හැකි බව සඳහන්.

මාස ​​6ක් සඳහා අත්හදා බැලීමක් ලෙසට මෙම ගාස්තු ක්‍රමය යෝජනා කර ඇත්තේ රථ වාහන තදබදය අවම කර ගැනීමේ අරමුණින්.

අග්‍රාමාත්‍ය ස්ටීවන් මයිල්ස් සඳහන් කළේ නව ගාස්තු ක්‍රමයෙන් ජනතාව තම ඉතුරුම් පිළිබඳ නැවත සිතා බලනු ඇතැයි විශ්වාස කරන අතර මෝටර් රථ හිමියන් පොදු ප්‍රවාහනයට යොමු වීම මගින් ප්‍රතිලාභයක් ලබා ගනු ඇති බවයි.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »