වික්ටෝරියා ප්‍රාන්තයේ බැරලට් ප්‍රදේශයෙන් මීට මාස 6කට පමණ පෙර අතුරුදන් වූ සමන්තා මර්ෆි නම් කාන්තාවගේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකාර තරුණයා එළඹෙන බ්‍රහස්පතින්දා යළි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මේ හේතුවෙන් ඇයගේ අතුරුදන් වීම පිළිබඳ පවුලේ සාමාජිකයන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටින බවයි සඳහන් වන්නේ.
ශරීර සුවතා කටයුතු වෙනුවෙන් පෙබරවාරි 4 වනදා නිවසින් පිටව ගිය මෙම 51 හැවිරිදි තිදරු මව සම්බන්ධයෙන් මාස 6ක් ගත වී ඇතත් මෙතෙක් නිශ්චිත තොරතුරක් සොයා ගැනීමට හැකියාවක් ලැබී නැහැ.
ඇය සාමාන්‍යයෙන් දිනපතා ව්‍යායාම් කටයුතු සිදු කරන ප්‍රදේශයේ මෙන්ම ඒ ආසන්න කැලෑ ප්‍රදේශවල සෝදිසි මෙහෙයුම් සිදු කළ ද මෙතෙක් හමුවී ඇත්තේ එම කාන්තාවගේ දුරකථනය පමණයි.
පසුගිය මැයි මාසයේදී වික්ටෝරියානු පොලිසිය හෙළි කළේ මර්ෆිගේ බැලරට් නිවසට ආසන්නයේ සෝදිසි කිරීමකදී මර්ෆිගේ දුරකථනය සොයාගත් අතර එමගින් හෝඩුවාවක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
එහෙත් මෙතෙක් සමන්තා මර්ෆි සම්බන්ධව පැහැදිළි තොරතුරක් අනාවරණ වී නොමැති අතර සැකකාර තරුණයාගෙන් ද මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ වී නොමැති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් ඉදිරි අධිකරණ දිනයේදී අතුරුදන් වූ කාන්තාව පිළිබඳ කිසියම් තොරතුරක් ලැබෙනු ඇති බවට පවුලේ ඥාතීන් බලාපොරොත්තුවෙන් පසු වනවා.