Search

14 ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහණමක් ? – ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයකින් යෝජනාවක්

දකුණු ඔස්ට්‍රේලියාවේ පාසල්වලට හඳුන්වා දුන් දුරකථන තහනම හේතුවෙන් සිසුන්ගේ කලහකාරී හැසිරීම් සහ ප්‍රචණ්ඩත්වය වැනි ගැටලුවලට සාර්ථක විසඳුම් ලැබී ඇතැයි වාර්තා වනවා.

පාසල්වල ජංගම දුරකථන තහනම් කිරීමේ පියවර විශිෂ්ට සාර්ථකත්වයක් අත්කරගෙන ඇති අතර සිසුන්ගේ චර්යාත්මක ගැටළු සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ වාර්තා සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවයි සඳහන් වන්නේ.

පසුගිය වසරේ තුන්වන වාරයේ සිට දකුණු ඔස්ට්‍රේලියා රජයේ පාසල්වල සිසුන්ට දුරකථන තහනම ක්‍රියාත්මක වූ අතර සිසුන්ට ඔවුන්ගේ දුරකථන දිනයේ අධ්‍යන කටයුතු අවසන් වන තෙක් ලොකර්වල තැබීමට සිදු වනවා.

නව නීතියත් සමග මෙම වර්ෂයේ පළමු භාගයේදී පසුගිය 2023 වසරේ එම කාල සීමාවට සාපේක්ෂව දකුණු ඔස්ට්‍රේලියාවේ රජයේ පාසල්වල විනය විරෝධී ක්‍රියා සම්බන්ධ ගැටළු සියයට 54කින් අඩු වී තිබෙනවා.

ප්‍රාන්ත අගමැති පීටර් මලිනවුස්කාස් සඳහන් කළේ මෙම නීති හඳුන්වා දීමේදී සිසුන් කනස්සල්ල පළ කළ ද මාස 12 කට පසුව එය විශිෂ්ට සාර්ථකත්වයක් ලබා ඇති බවයි.

මෙම වැඩසටහනේ සාර්ථකත්වයත් සමග අගමැතිවරයාගේ මීළඟ සැලසුම වී ඇත්තේ වයස අවුරුදු 14 ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය ගිණුම් තහනම් කිරීමයි.

එම වෙනස සඳහා කාලයක් ගතවනු ඇති අතර සමස්තයක් ලෙස සමාජයෙන් ද ඊට දායකත්වයක් ලැබිය යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »