Search

විදෙස් රියදුරු බලපතට NSW හි ඇති අනවශ්‍ය රීති ඉවත්වන ලකුණු

විදෙස් රියදුරු බලපත්‍ර හිමි සංක්‍රමණික රියදුරන්ට මාස 06 ක් ඇතුළත අනිවාර්යෙන්ම නිවු සවුත් වේල්ස් රියදුරු බලපත්‍රය ගතයුතු බවට පණවා ඇති නියෝගයේ අඩුපාඩු ඉවත් කිරීම කෙරෙහි ප්‍රාන්ත රජයේ අවධානය යොමුවී තිබෙනවා.

මීට අමතරව මාස 12ක් හෝ ඊට වැඩි කාලයක් රිය අනතුරක් හෝ රිය ධාවනයේ වරදක් නොමැතිව සිටින රියදුරන් සඳහා බලාත්මක demerit reward වැඩසටහනට වෙනස්කම් රැසක්ද හඳුන්වාදීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ජංගම දුරකථන භාවිතා කරමින් රිය ධාවනය කරන රියදුරන් හඳුනා ගැනීම සඳහා සවි කරනු ලැබූ කැමරා විසින් හඳුනාගනු ලබන තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් අනාවරණ වී තිබෙනවා.

ආසන පටි නොපැළඳීම, කුඩා දරුවන් අනාරක්ෂිතව ඉදිරිපස අසුනේ රැගෙන යාම වැනි වැරදි රැසක් ඒ අතර වන බවයි ප්‍රාන්ත රජය ප්‍රකාශ කළේ.

රිය ධාවනය අතර ළදරුවන් ඉදිරිපස අසුනේ තබාගෙන ආහාර ලබාදීම නිව් සවුත්වේල්ස් මාර්ගවල කැමරා මගින් අනාවරණය වන භයානක වරදක් බව රජය සඳහන් කර තිබෙනවා.

කැමරා මගින් ආසන පටි සම්බන්ධ වැරදි සෙවීම ආරම්භ කරනු ලැබුවේ පසුගිය ජූලි පළමු වනදා සිටයි.

මෙම ආරක්‍ෂිත කැමරා පද්ධතිය ආරම්භ කර ගත වූ පළමු දින 21 තුළ රියදුරන්ට නිකුත් කරන ලද දඬුවම් 11,400න් හතරෙන් තුනක්ම ආසන පටි සම්බන්ධ වැරදි බවයි නිව් සවුත්වේල්ස් රජය කියාසිටියේ.

අනාරක්ෂිත ලෙස ඉදිරිපස අසුනේ ළදරුවන් රඳවා තබාගෙන ආහාර ලබාදීම, දරුවන් කිහිප දෙනෙකු ආසන පටි නොමැතිව ඉදිරිපස අසුනේ රැගෙන යාම මෙන්ම ආසන පටි වැරදි ලෙස පැළඳ සිටීම වැනි විවිධ අනාරක්ෂිත සිදුවීම් කැමරා ජාලයෙන් ලබාගත් තොරතුරු මගින් අනාවරණ වී තිබෙනවා.

නිව් සවුත්වේල්ස් මහා මාර්ග අමාත්‍ය ජෝන් ග්‍රැහැම් පැවසුවේ ප්‍රාන්තයේ මාර්ගවල මිලියන 6.9ක රියදුරන්ගෙන් බහුතරයක් සෑම විටම ආසන පටි පැළඳ සිටින අතර එලෙස නොකරන සියයට 15ක් පමණ අනතුරුවලින් මරණයට පත්වන බවයි.

ආසන පටි පැළඳීම නීතියක් බවට පත් වී වසර 50ක් පමණ ගතවී ඇතත් ආසන පටි නොපැළඳ තම ජීවිත සහ වාහනයේ ගමන් කරන අනෙක් අයගේ ජීවිත අවදානමට ලක් කරන බොහෝ දෙනෙකු තවමත් සිටින බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »