ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු වන පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
ඔහු මේ බව කියා සිටියේ, කළුතර ප්රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් වෙනම අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා තීරණයක් ගෙන ඇති පසුබිමක මෙම තීරණය ගැනීමත් විශේෂත්වයක්.