Search

පිහි ප්‍රහාරවලට එරෙහිව බ්‍රිතාන්‍යයේ විරෝධතා ප්‍රචණ්ඩ වෙයි

බ්‍රිතාන්‍යයේ සවුත්පෝට් (Southport) ප්‍රදේශයේ සිදු වූ පිහි ඇනුමට එරෙහිව පැවති විරෝධතාවලට එක්වූ විශාල පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රචණ්ඩකාරීව හැසිරුණු පිරිස් වෙළඳසැල් ඉදිරිපිට ගිනි තැබීම් වැනි කටයුතුවල නිරත වීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ටේලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයක් වෙනුවෙන් පැවති නර්තන පන්තියකට එක්වී සිටි කුඩා ළමයින් තිදෙනෙකුට මරු කැඳවූ පිහි ඇනුමෙන් පසුව එක්සත් රාජධානියේ නගර පුරා ගැටුම් උත්සන්න වෙමින් තිබෙනවා.

ඇතැම් සමාජ ක්‍රියාකාරීන් සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු පතුරුවා හරින බවට ද විරෝධතාකරුවන් චෝදනා කරන අතර සවුත්පෝට් ප්‍රහාරකයා එක්සත් රාජධානියට නීතිවිරෝධී ලෙස පැමිණි සංක්‍රමණිකයෙකු බවට ද වාර්තා වී ඇති බව සඳහන්.

මෙම තත්වය මත 17 හැවිරිදි සැකකරු වේල්ස් අගනුවර වන Cardiff හි උපත ලබා ඇති බව එක්සත් රාජධානියේ පොලිසිය තහවුරු කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් ද කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් හමුවී නොසන්සුන්තාව පිළිබඳව සාකච්ඡා කළ අතර අන්තවාදීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට පූර්ණ සහාය දෙන බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ගුවන් නියමුවාගේ අවධානයෙන් බ්‍රිස්බන් වෙත ආ ජීවිත රැසක් බේරෙයි

බ්‍රිස්බන් වෙත පැමිණෙමින් තිබූ ක්වන්ටාස් ගුවන් යානයක් පීඩන පද්ධතියේ ගැටළුවක් හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රොක්හැම්ප්ටන් (Rockhampton Airport) ගුවන් තොටුපළ වෙත හදිසියේ ගොඩබස්වා තිබෙනවා.

Read More »

2024 වික්ටෝරියා අධ්‍යාපන සම්මාන නිර්දේශ අතරට ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකුත්

2024 වසරේ වික්ටෝරියා ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන සඳහා (Victoria’s education awards) ශ්‍රී ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකු ද සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »