Search

කුවේට් ප්‍රසංගයකදී ලාංකිකයන් 24ක් අත්අඩංගුවේ

කුවේට් රාජ්‍යයේදී සංවිධාන කර තිබූ සංගීත ප්‍රසංගයක් අතර ශ්‍රී ලාංකික කලාකරුවන් සහ සංවිධායකයන් ඇතුලු 24 දෙනෙකු අත්අඩංගුවට පත්වී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ එතෙර අපි සංවිධානය විසින් පසුගිය දෙවනදා පවත්වනු ලැබූ ප්‍රසංගයකට සහභාගි වී සිටියදී මෙම පිරිස අත්අඩංගුවට පත්වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් තමන් කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාරයාලය දැනුවත් කර ඇති අතර එහි නිලධාරීන් මෙම ශ්‍රී ලාංකික කලාකරුවන් ඇතුලු පිරිස නිදහස් කර ගැනීමට කඩිනමින් කටයුතු කරන බව අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රකාශ කළා.

අදාළ සංගීත ප්‍රසංගයේ දැන්වීමක් ද අමාත්‍ය මනූෂ නානයක්කාර සිය ට්විටර් ගිණුමට එක් තිබුණා.

උපේඛා නිර්මාණි, සමනලී ෆොන්සේකා, ඉන්ද්‍රචාප ලියනගේ සහ ජොලි සීයා ඇතුළු ශ්‍රී ලාංකික සංගීත ශිල්පීන් පිරිසක් අදාළ අවස්ථාවට එක්වන බවයි එහි දැක්වෙන්නේ.

මෙම පිරිස පසුගිය දෙවැනිදා අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම ප්‍රසංගය සඳහා නිසි අවසරයක් ලබා නොගැනීම හේතුවෙන් බව සඳහන්.

මේ වනවිට ඔවුන් නිදහස් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කළ අතර මෙදින අත්අඩංගුවට ගත් සමස්ත සංඛ්‍යාව 26ක් බව ද සඳහන් වනවා.

ඉන් 24 දෙනෙකු මේ වනවිට නිදහස් කර ඇති අතර අදාළ ප්‍රසංගය සංවිධාන කළ සංවිධායකයන් දෙදෙනා තවදුරටත් අත්අඩංගුවේ පසුවන බව ද සඳහන්.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »