Search

මෙල්බන් පැතිරෙන අලුත්ම ලෙඩේ ගැන විශේෂ විමර්ශනයක්

පසුගිය සතිය තුළ මෙල්බන් සහ ඒ අවට ප්‍රදේශවලින් වාර්තා වන ලීජනෙයාරිස් (Legionnaires) රෝගීන්ගේ සැලකිය යුතු වැඩි වීම හමුවේ එහි පැතිරීම පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍ය අංශ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය ජුලි මස 26 වන සිකුරාදා සිට මේ දක්වා තහවුරු කළ රෝගීන් 71ක් සහ සැක සහිත රෝගීන් 7ක් වාර්තා වී ඇති අතර බොහෝ ආසාදිතයන් වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයන් බවයි වාර්තා වන්නේ.

පෙරේදා මෙම රෝගයෙන් සිදු වූ පළමු මරණය ද වාර්තා වූ අතර එලෙස මියගියේ 90 හැවිරිදි කාන්තාවක්.

ලීජනෙයාරිස් (Legionnaires) රෝගය වැළඳීමේදී උණ, උගුරේ වේදනාව, කැස්ස, හිසරදය සහ මාංශ පේශි කැක්කුම වැනි රෝග ලක්ෂණ සමඟ පපුවේ ආසාදනයක් ඇති කළ හැකි බව සඳහන්.

මෙමගින් වඩාත්ම අවදානමට ලක්ව ඇත්තේ වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයන්, වෙනත් නිධන්ගත රෝගී තත්වයන් හෝ ප්‍රතිශක්තිකරණ දුර්වලතා මෙන්ම දුම් පානය කරන පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා.

ලීජනෙයාරිස් (Legionnaires) නම් නියුමෝනියා රෝගය වැළඳුණු මෙල්බන් අවට පුද්ගලයන් 71 දෙනෙකු මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මෙල්බන් හි උතුරු සහ බටහිර ප්‍රදේශවල ගය පැතිර යමින් ඇති බවයි.

මෙම රෝග ව්‍යාප්තියේ මූලාශ්‍රය මෙල්බන් හි ලැවර්ටන් නෝර්ත් සහ ඩෙරිමට් ප්‍රදේශයේ ජල පද්ධතියකට සම්බන්ධ බවට සැක කෙරෙන බව වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි ක්ලෙයාර් ලුකර් ප්‍රකාශ සඳහන් කළා.

මේ අතර ලීජනෙයාරිස් රෝගී තත්වයේ රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් සිටින්නේ නම් වහාම හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස වික්ටෝරියා ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

පපුවේ ආසාදනය, සිරුරේ වේදනාව, හිසරදය, උණ, කැස්ස වැනි රෝග ලක්ෂණ පවතින අතර විශේෂයෙන් ප්‍රතිශක්තිකරණය අඩු වයෝවෘද්ධ පුද්ගලයින් සහ දුම් පානය කරන්නන්ට ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතින බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »