Search

බටහිර ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වෙරළ තීරයක් වැසේ

මෝරුන්ගේ අවදානම ඉහළ යාම හේතුවෙන් බටහිර ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වෙරළ තීරයක් සංචාරකයන් සඳහා වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

මෝරුන්ගේ ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇති තල්මසුන්ගේ මළ සිරුරු විශාල ප්‍රමාණයක් ත්‍රී බෙයර්ස් බීච් (Three Bears beach) ප්‍රදේශයේ පවතින බවයි සඳහන් වන්නේ.

පාවෙන තල්මසුන්ගේ සිරුරු මගින් පෙන්නුම් කෙරෙන්නේ ප්‍රදේශයේ මෝරන්ගේ අවදානම වැඩි වීමක් වන බැවින් එම වෙරළ තීරයේ කොටසක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

මීටර 8.5ක පමණ දිගින් යුත් ටොන් නවයක් පමණ බරැති දැවැන්ත තල්මසෙකුගේ සිරුරක් ඊයේ සිට ත්‍රී බෙයර්ස් වෙරළ ආසන්නයේ පාෂාණ අතර රැඳී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම සති අන්තය තුළ වෙරළ තීරයේ කිලෝමීටර් දෙකක් වන කලාපයේ කිමිදීම, දිය නෑම හෝ සර්ෆින් ක්‍රීඩාවේ නිරත නොවන ලෙසටයි අනතුරු අඟවා ඇත්තේ.

තල්මසාගේ සිරුරු කොටස් ජලයේ ඇති බැවින් මෝරුන්ගේ අවදානම පවතින බව වනජීවී බලධාරීන් ප්‍රකාශ කළා.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »