Search

ඔස්ට්‍රේලියාවේ ආයතන සේවකයන් Office එන්න බෑ කියයි

කොවිඩ් වසංගත තත්වයෙන් පසු කාර්යාලවල සේවයට පැමිණීම සේවකයන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසක කාර්යාල පුරප්පාඩු ඉහළ මට්ටමක පවතින බවට අනාවරණ වී තිබෙනවා.

කාර්යාල පුරප්පාඩු අනුපාත ඉහල යමින් පවතින පසුබිමක අගනුවර කිහිපයක් සේවකයන් ආකර්ශනය කර ගැනීමට අරගලයක නිරත වන බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියාවේ දේපල කවුන්සිලය 2024 ජූලි මාසයට අදාළ කාර්යාල වෙළඳපල වාර්තාව නිකුත් කළ අතර එමගින් පෙන්නුම් කර ඇත්තේ ජාතික වශයන් කාර්යාල පුරප්පාඩු අනුපාතය මේ වන විට සියයට 14.6ක අගයක පවතින බවයි.

එය සාමාන්‍යය අගයට වඩා සියයට 4ක වැඩිවීමක්.

බ්‍රිස්බන් හි පුරප්පාඩු අනුපාතය වසර 10කට පමණ පසු පළමු වතාවට සියයට 11.7 සිට 9.5ක් දක්වා අඩු වී තිබෙනවා.

සිඩ්නි CBD හි කාර්යාල පුරප්පාඩු අනුපාතය ද සියයට 12.2 සිට 11.6 දක්වා පහත වැටුණු අතර ඇඩිලේඩ් සියයට 19.3 සිට 17.5 දක්වා පහත වැටී ඇති බව සඳහන්.

මෙල්බන්වල පුරප්පාඩු අනුපාතය සියයට 16.6 සිට සියයට 18 දක්වා ඉහළ යාමත් සමඟ ප්‍රවීණයන් පවසන්නේ මෙල්බන් නගරය තවමත් දැඩි අභියෝගවලට මුහුණ දෙන බවයි.

කැන්බරා හි වෙළඳපල ද සියයට 8.3 සිට 9.5 දක්වා වැඩි වූ අතර, පර්ත් හි 14.7 සිට සියයට 15.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ දේපල කවුන්සිලයේ ප්‍රධාන විධායක මයික් සෝර්බාස් පැවසුවේ වික්ටෝරියානු රජයට සමෘද්ධිමත් නගරයක් නිර්මාණය කර ගැනීම සඳහා සතියකට දින කිහිපයක් හෝ ශ්‍රම බලකායෙන් කොටසක් නැවත නගරයට ගෙන්වා ගැනීමට පියවර ගත යුතු බවයි.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »