Search

පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකාවෙන් සහ ඉන්දියාවෙන් අලුත් වාර්තාවක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැති පළමු එක්දින තරගය ලකුණු සම වීමෙන් අවසන් වුණා.

ජයග්‍රහණය සඳහා ලකුණු 231ක ඉලකක්යක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 47.5ක් තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 230ක් පමණයි.

ඒ අනුව එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ ලකුණු සමවීමෙන් අවසන් වූ 45 වන තරගය ලෙසටයි මෙම තරගය ක්‍රිකට් වාර්තා අතරට එක් වන්නේ.

එමෙන්ම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලකුණු සම වීමෙන් අවසන් වූ පළමු එක්දින තරගය ලෙසට ද මෙය ඉතිහාසයට එක් වනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩයම නියමිත පන්දුවාර 50 තුළ කඩලු 08ක් දැවි ලබාගත් ලකුණු සංඛ්‍යාව 230ක්.

දුනිත් වෙල්ලාගේ පන්දු 65කින් හතරේ පහරවල් 7ක් සහ හයේ පහරවල් 2ක් සමඟින් ලකුණු 67ක් රැස් කළා.

පැතුම් නිස්සංක ලකුණු 56ක්, වනිඳු හසරංග ලකුණු 24ක් සහ ජනිත් ලියනගේ ලකුණු 20ක් බැගින් ලබා ගත්තා.

ලකුණු 231ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 230ක් පමණයි.

පන්දු යැවීමේදී වනිඳු හසරංග සහ චරිත් අසලංක කඩුලු 3ක් සහ දුනිත් වෙල්ලාලගේ කඩුලු 2ක් බැගින් බිඳහෙලුවා.

මෙය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන 169 වන එක්දින තරගය වූ අතර ඉන් තරග 99ක් ජයගෙන තිබුණේ ඉන්දීයාවයි.

ඒ අනුව මෙම තරගය ඉන්දියාව ජයගනු ලැබුවේ නම් ශ්‍රී ලංකාවට එරෙහි වාර්තා කළ 100 වන ජයග්‍රහණය වනු ඇති.

දෙරට අතර පවත්වා ඇති තරගවලින් ශ්‍රී ලංකාව තරග 57ක් ජයගෙන තිබෙන අතර තරග 11ක් ජය පරාජයකින් තොරව අවසන් වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »