Search

ඔස්ට්‍රේලියා ලාංකිකයන්ගේ සියලුම වීසා ගැටලුවලට හෙට (03) විසඳුම්

මෑත කාලීනව ඔස්ට්‍රේලියාවේ වෙනස් වූ වීසා නීති සහ ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන වීසා ගැටලු සම්බන්ධයෙන් එකම තැනකදී දැනුවත්වීමට සහ විසඳුම් ගැනීමට අවස්ථාවක් ලබාදීම සඳහා AusLanka TV ආයතනය පියවර ගෙන තිබෙනවා.

Migration Face to Face 2024 වැඩසටහන තුලදී ඔස්ට්‍රේලියාවේ සිටින, දක්ෂ සහ ප්‍රවීණ ශ්‍රී ලාංකික සංක්‍රමණ නීතිවේදීන් සහ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලය පෞද්ගලිකවම මුහුණට මුහුණ හමුවී වීසා ගැටලුවලට කඩිනම් විසඳුම් ගැනීමට මෙහිදී අවස්ථාව ලැබෙනු ඇති.

ඔස්ට්‍රේලියාවේ Sponsor Visa, Student Visa, Skilled Visa, Temporary Graduate Visa වැනි සියලුම වීසා කාණ්ඩවල පවතින ගැටලුවලට විසඳුම් මෙහිදී ලබාගත හැකියි.

ඔස්ට්‍රේලියා සංක්‍රමණ ක්ෂේත්‍රයේ දැවැන්තයන් වන කසුන් ගම්ලත්, මදු වර්ණකුලසූරිය, සංජි කල්දේරා, සුසන්ත කටුගම්පොළ සහ අමිල වීරසිංහ යන ශ්‍රී ලාංකික සංක්‍රමණ නීතිවේදීන් සහ නියෝජිතයන්ගෙන් උපදෙස් ගැනීමට මෙහිදී අවස්ථාව ලැබෙනු ඇති.

අගෝස්තු මස 3 වන සෙනසුරාදා පෙරවරු 11 සිට මෙම වැඩසටහන පැවැත්වෙන්නේ Deakin University Burwood Campus හිදී යි.

Migration Face to Face 2024 වැඩසටහන සඳහා ඉතා අඩු මුදලකට ප්‍රවේශ පත්‍ර ලබාදීමට සූදානම් කර ඇති අතර පහත link එක ඔස්සේ එම ප්‍රවේශ පත් මිලදී ගත හැකියි!

https://www.auslankatv.com/archives/auslankatickets/migration24

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »