ෆෙඩරල් සංචිත බැංකුව ඉදිරි නත්තල් උත්සව සමයට සමගාමීව පොලී අනුපාතික අඩු කරනු ඇතැයි ආර්ථික විශේෂඥයින් අනාවැකි පලකර තිබෙනවා.
ලබන සතියේ ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානීන්ගේ රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර දැනට පවතින සියයට 4.35 ක cash rate අගය එලෙසම රඳවා ගනු ඇති බවයි ආර්ථික විශේෂඥයින් විශ්වාසය පළ කරන්නේ.
Finder හි ආර්ථික විශේෂඥයින් 36 දෙනෙකුගෙන් සියයට 81 ක් එම ස්ථාවරය දරන බව සඳහන්.
මෙම වසරට අදාළව පළමු පොලී අනුපාතික වෙනස්කම දෙසැම්බර් මාසයේ දී සිදුවනු ඇති බව Finder හි ආර්ථික විද්‍යාඥයින් 1/4 ක් සඳහන් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ වාර්ෂික උද්ධමනය සියයට 3.8 දක්වා ඉහළ ගොස් ඇති අතර Finder පාරිභෝගික පර්යේෂණ ප්‍රධානී ග්‍රැහැම් කුක් පවසන්නේ සමීක්ෂණයට සහභාගී වූ ප්‍රවීණයන් හත් දෙනෙකු පොලී අනුපාතික වැඩිවීමක් පුරෝකථනය කර ඇති බවයි.
කෙසේ වෙතත් මෙම මාසයේදී භාණ්ඩ හා සේවාවල මිළ ගණන් හෝ ගාස්තුවල අඩු කිරීමක් අපේක්ෂා නොකරන අතර නත්තල් උත්සව සමය වන විට ජනතාවට සහන ලැබෙනු ඇති බව සඳහන්.
ෆයින්ඩර් හි පර්යේෂණවලට අනුව මෙරට නිවාස හිමියන්ගෙන් සියයට 41ක් පසුගිය මාසයේ උකස් ගෙවීමට අරගලයක නිරත වන බව ද හදුනාගෙන තිබෙනවා.