සිඩ්නි හි නව මෙට්‍රෝ සේවාව ආරම්භය ප්‍රමාදවීමත් සමග අමතර බස් සේවා ක්‍රියාත්මක කිරීම කෙරෙහි ප්‍රාන්ත බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.
ඩොලර් බිලියන 21.8ක වියදමකින් යුක්තව ඉදි කරනු ලැබූ සිඩ්නි නව මෙට්‍රෝ මාර්ගය විවෘත කිරීම ප්‍රමාද වීමත් සමග බලධාරීන් ජනතාවට දැනුම් දී ඇත්තේ නව සේවා ආරම්භ කරන තෙක් සැලසුම් කර ඇති ගමන් සඳහා බස් සේවා භාවිත කරන ලෙසයි.
සිඩ්න්හැම් (Sydenham) වෙත සම්බන්ධ කෙරෙන දුම්රිය මාර්ගය ෆ්ය්ග් විවෘත කිරීමට නියමිතව තිබුණ ද අමතර ආරක්ෂක පරීක්ෂාවන් සිදු කිරීමට අවශ්‍ය වීම හේතුවෙන් එය කල් දමා තිබෙනවා.
දුම්රිය මාර්ගයේ ධාවන අත්හදා බැලීම් සඳහා ගමන් වාර 200 කට වඩා සිදු කර ඇති අතර ජාතික දුම්රිය ආරක්ෂණ නියාමක අධිකාරියේ අවසාන අනුමැතිය සඳහා තවදුරටත් පරීක්ෂාවන් සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙම ප්‍රමාදය හමුවේ අපහසුතාවට ලක්වන මගීන්ට නව කාලසටහනක් අනුව බස් සේවා ක්‍රියාත්මක කරන අතර ඒවා භාවිත කිරීමෙන් සිදුවන අපහසුතා අවම කර ගැනීමට කටයුතු කරන ලෙසට දැනුම් දී තිබෙනවා.