ජීවන වියදම් අර්බුධයෙන් පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන්ට සහන සැලසීමේ අරමුණින් ඉදිරි මාස තුනක කාලයක් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය 3,000 කට අධික ප්‍රමාණයක මිල අඩු කිරීමට IGA සුපිරි වෙළඳසැල් ජාලය පියවර ගෙන තිබෙනවා.
ජූනි කාර්තුවේ උද්ධමන අනුපාතය සියයට 3.6 සිට 3.8 දක්වා ඉහළ යාමත් සමග මතු වී ඇති ජීවන වියදම් අර්බුදයක් මධ්‍යයේ මෙම නිවේදනය සිදු වීම විශේෂත්වයක්.
මුළුතැන්ගෙය සඳහා අවශ්‍යවන ප්‍රධාන ද්‍රව්‍ය, පිරිසිදු කිරීමේ උපකරණවල සිට සුරතල් සතුන්ගේ ආහාර සහ තවත් බොහෝ දේ මිල අඩු කෙරෙන භාණ්ඩ අතරට අයත්.
පාරිභෝගිකයන්ට ලැබෙන මෙම සහනය යටතේ අඩු මිලට භාණ්ඩ මිලදී ගැනීමට ලබන නොවැම්බර් 5 වනදා දක්වා අවස්ථාව පවතිනවා.
ඇතැම් ආහාර ද්‍රව්‍යවල මිල සාමාන්‍ය මුදලට වඩා අඩකින් පමණ අඩු වී ඇති බව ද සඳහන්.
Coles සහ Woolworths හි සුපිරි වෙළඳසැල්වල මිල සම්බන්ධයෙන් සිදු කළ සෙනෙට් පරීක්ෂණයකින් පසු එම ආයතන සඳහා නව චර්යාධර්ම පද්ධතියක් හඳුන්වා දීමට වූ නිර්දේශ රජය විසින් පිළිගන්නා බවට ප්‍රකාශ වී ඇති අවස්ථාවක එහි හිමිකාර සමාගම මෙම මිල අඩු කිරීම විශේෂත්වයක්.
Woolworths, Coles, ALDI, සහ Metcash ඇතුළුව ඩොලර් බිලියන 5 ක වාර්ෂික ආදායම් සීමාවකට ළඟා වන සියලුම සුපිරි වෙළඳසැල් සඳහා සෙනෙට් මණ්ඩලයේ නිර්දේශ බලාත්මක වනු ඇති.
මෙම වසර ආරම්භයේ සිදු කරන ලද සමීක්ෂණයක දී පාරිභෝගිකයන්ගෙන් සියයට 39ක් කියා සිටියේ තම අවශ්‍යතා සඳහා හොඳම නිෂ්පාදන සහ සේවාවන් සැපයීමට සුපිරි වෙළඳසැල්වලට හැකියාවක් ඇතැයි විශ්වාස නොකරන බවයි.