Search

ලෙබනනයේ ඉන්න ඔස්ට්‍රේලියානුවන්ට යළි දැනුම්දීමක්

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් උත්සන්න වීමත් සමඟ ලෙබනනයේ සිටින ඔස්ට්‍රේලියානුවන්ට වහාම පිටව යන ලෙස විදේශ අමාත්‍ය Penny Wong අනතුරු අඟවා තිබෙනවා.

අමාත්‍යවරිය ඔස්ට්‍රේලියානුවන්ට දන්වා ඇත්තේ වාණිජ ගුවන් ගමන් පවතින අතරතුර ලෙබනනයෙන් පිටත්ව යන ලෙසයි.

පවතින ගැටුම්කාරී වාතාවරණය තවදුරටත් දරුණු වුවහොත් බේරූට් ගුවන් තොටුපළ වසා දැමිය හැකි බවට අවදානමක් මතුවී තිබෙනවා.

විදේශ අමාත්‍ය Penny Wong වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ලෙබනනයේ හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකු ඝාතනය කිරීම සහ ඉරානයේ හමාස් නායකයා ඝාතනයෙන් පසු පවතින තත්වය දැඩි අවදානමක් බවයි.

ලෙබනනයේ සිටින ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට රටින් පිටත්ව යාමට හොඳම කාලය මෙය වන අතර ලෙබනනයට යාමට සුදානම් වන පුද්ගලයන්ට එම තීරණ ඉවත් කර ගන්නා ලෙසට ද අගමැතිවරිය දැනුම් දී තිබෙනවා.

ගැටුම වර්ධනය වුවහොත් බේරූට් ගුවන් තොටුපළ වසා දමනු ඇති අතර එවැනි තත්වයක් මතු වන්නේ නම් 2006 වසරේ ලෙබනන් යුද්ධයේදී ඔස්ට්‍රේලියානුවන් 5,000කට වැඩි පිරිසක් ඉවත් කිරීමට ගත් පියවර අනුගමනය කිරීමට සිදු වනු ඇති බවටයි අවධාරණය කෙරෙන්නේ.

එහෙත්, මහා පරිමාණ යුද්ධයක් ඇති වුවහොත්, එවැනි විශාල ගලවා ගැනීමේ මෙහෙයුමක් සිදු කිරීමේ හැකියාවක් පවතිනු ඇති ද යන්න සහතිකයක් ලබාදිය නොහැකි බව ද නිලධාරීන් අවධාරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »