සිඩ්නි හි කොරෝනා එන්නත ලබා ගත් පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනේ.

සිඩ්නි හෝටල් නිරෝධායන සේවකයෙකුට​ කොරෝනා සඳහා ධනාත්මක ප්‍රතිඵල ලැබී අතර ඔහුට පළමු කොරෝනා මාත්‍රා එන්නත් කිරීම සිදු කොට ඇති බවට සඳහන් වේ.

ඊයේ රාත්‍රියේ දේශීය වශයෙන් වාර්තා වූ මෙම කොරෝනා රෝගියා පිළිබඳව අදහස් දැක්වූ නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය අමාත්‍ය බ්‍රැඩ් හැසාඩ් පැවසුවේ මේ පිළිබඳ වැඩි විස්තර සොයා බැලීමට​ බලධාරීන් දැනුවත් කර ඇති බවත් මේ සිද්ධිය ආශ්‍රිත​ හදිසි සම්බන්ධතා සොයා ගැනීම සිදු කෙරෙමින් පවතින බවත් ය.

පහත සඳහන් ස්ථානවලට ගිය ඕනෑම අයෙකු රෝග ලක්ෂණ නිරීක්ෂණය කළ යුතුය.
Haymarket – Dae Jang Kum Korean restaurant මාර්තු 13 සෙනසුරාදා අළුයම 12.15 සිට 12.25 දක්වා;
Haymarket – 7 Eleven මාර්තු 13 සෙනසුරාදා අළුයම 12.20 සිට 12.25 දක්වා;
Hurstville – Hudson’s Coffee shop, Hurstville පෞද්ගලික රෝහල මාර්තු 8 සඳුදා උදේ 8.30 සිට 9 දක්වා; මාර්තු 9 අඟහරුවාදා උදේ 8.30 සිට 9 දක්වා; මාර්තු 10 බදාදා රාත්‍රී 8 සිට රාත්‍රී 9 දක්වා; මාර්තු 11 බ්‍රහස්පතින්දා උදේ 8.30 ත් 9 ත් අතරත්, මාර්තු 12 වන සිකුරාදා උදේ 8.30 ත් 9 ත් අතර.

පහත සඳහන් දුම්රිය සේවාවන්හි ගමන් කළ ඕනෑම අයෙකු රෝග ලක්ෂණ නිරීක්ෂණය කළ යුතුය.
T4 මාර්ගය, Hurstville සිට Central දක්වා – මාර්තු 12 වන සිකුරාදා Hurstville සිට පිටත් වී 6.30 ට Central දක්වා ගමන් කර ඇත​.
T4 මාර්ගය, Central සිට Hurstville දක්වා – මාර්තු 13 සෙනසුරාදා උදේ 7 ට Central සිට පිටත් වී උදේ 7.30 ට Hurstville දක්වා ගමන් කර ඇත​.

මේ අතර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ඊයේ දිනයේ දේශීයව කොරෝනා ආසාදිතයෙකු වාර්තා වූ අතර මේ පුද්ගලයා බ්‍රිස්බේන් රෝහලක කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කල වෛද්‍යවරයකු විය​. කෙසේවෙතත්, මෙම වෛද්‍යවරිය තවමත් කොරෝනා එන්නත ලබාගෙන නොමැති අතර එක්සත් රාජධානියේ වික්‍රීය වයිරසය ආසාදනය වී ඇති බවට සැක පල කෙරේ. වෛරසය පැතිරීම පාලනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් උත්සාහ කිරීමත් සමඟ ඊයේ රාත්‍රියේ ඇය සේවය කරමින් සිටි Princess Alexandra රෝහල වසා දමා තිබේ.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

Read More »