Search

ජනපතිවරණයට එන්න සජිත් ඇප තියයි

2024 ජනාධිපතිවරණය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කරමින් එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් අද උදෑසන මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර් සහ මුජිබර් රහුමාන් ඇතුලු පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියා.

මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීම ලබන සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වීමට නියමිත අතර නාමයෝජනා භාර ගැනීම අගෝස්තු 15 වන දින සිදු කිරීමට නියමිතයි.

පසුගිය 26 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.

ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, අභිනව නිවහල් පෙරමුණෙන් ඕෂල හේරත්, ශ්‍රී ලංකා කම්කරු පක්ෂයෙන් ඒ.එස්.පී. ලියනගේ යන අය මේ වනවිට ඇප මුදල් තැන්පත්කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »