මූලික ඉංග්‍රීසි දැනුමක්වත් නොමැති සිසුන්ට ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල කිහිපයක් උපාධි පිරිනැමීම සම්බන්ධයෙන් අධ්‍යාපන විශේෂඥයින් චෝදනා කරනවා.
එනම් මූලික ඉංග්‍රීසි හැකියාව වත් නොමැති ජාත්‍යන්තර සිසුන් උසස් උපාධි සමඟ ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලවලින් පිටවීමට අවසර ලබාදීම ගැටලු සහගත බවයි වාර්තා වන්නේ.
අධ්‍යාපන විද්වතුන් සහ සිසුන් පෙන්වා දෙන්නේ විදේශ සිසුන්ගේ මූල්‍යමය ප්‍රතිලාභ මත මෙලෙස උපාධි පිරිනැමීම ජාත්‍යන්තරය තුල ඔස්ට්‍රේලියාව සම්බන්ධයෙන් වන විශ්වසනීයත්වයට තර්ජනයක් වී ඇති බවයි.
මෑත වසරවලදී තම පන්තිවල සිටින විදේශීය සිසුන් බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි කතා කිරීමට, ලිවීමට හෝ තේරුම් ගැනීමට නොහැකි බව ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ විශ්ව විද්‍යාලයක කලා විෂය පිළිබඳ උපදේශකවරියක් ප්‍රකාශ කර තිබෙනවා.
ජාත්‍යන්තර සිසුන් ඔවුන්ගේ දේශන සහ නිබන්ධන පරිවර්තනය කිරීමට පරිවර්තකයන් සහ AI තාක්ෂණයෙන් ChatGPT වෙත හුරු වීම මෙම තත්වයට හේතුවයි.
ඉංග්‍රිසියෙන් වාක්‍යයක් තේරුම් ගැනීමට නොහැකිව විවිධ විෂයයන් පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සමඟින් විශ්වවිද්‍යාලවලින් ජාත්‍යන්තර සිසුන්ට පිටව යා හැකිද යන්න බොහෝ දෙනා ප්‍රශ්න කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු අධ්‍යාපන ප්‍රකාශකයෙකු පැවසුවේ වරක් විශිෂ්ටත්වයේ මධ්‍යස්ථාන වූ ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල මේ වන විට ලියාපදිංචි වීම් සහ ආදායම පසුපස හඹා යන ලාභ මධ්‍යස්ථාන බවට පත්ව ඇති බවයි.