Search

පෙම්වතා එක්ක සවාරි ගිය ඔලිම්පික් ක්‍රීඩිකාව ගෙදර යවයි

බ්‍රසීලයේ පිහිනුම් ක්‍රීඩිකාවක් වන ඇනා කැරොලිනා වියේරා (Ana Carolina Vieira) තම පෙම්වතා සමඟ රහසින් ඔලිම්පික් ගම්මානයෙන් පිටවීමේ චෝදනා මත වහාම පැරීසියෙන් පිටව යන ලෙසට නියෝග කර තිබෙනවා.

Vieira ගේ පෙම්වතා වන Gabriel Santos ද බ්‍රසීලි පිහිනුම් ක්‍රීඩකයෙක් වන අතර ඔහුට මෙම විනය විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් පමණක් සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම යුවළ කිසිදු නිල අවසරයකින් තොරව පැරිස් නගරයේ රාත්‍රී ජීවිතය භුක්ති විඳීමට ඔලිම්පික් ගම්මානයෙන් පිටව ගොස් ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.
.
ඔවුන් එලෙස සංචාරය කිරීමේදී ලබා ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යවල පළ කිරීමත් සමඟ මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවී තිබුණා.

මේ සම්බන්ධයෙන් ගත් විනය පියවරට ඇනා කැරොලිනා, අගෞරවනීය සහ ආක්‍රමණශීලී ආකාරයෙන් විරුද්ධ වූ බවයි බ්‍රසීල ඔලිම්පික් බලධාරීන් ප්‍රකාශ කළේ.

22 හැවිරිදි Carolina Vieira මීටර 4×100 නිදහස් ආර පිහිනුම් කණ්ඩායමේ සාමාජිකාවක් වූ අතර ඔවුන් තරඟාවලියේ 12 වැනි ස්ථානයට පත් වීම හේතුවෙන් අවසන් මහා තරගයට පිවිසීමට හැකියාවක් ලැබුණේ නැහැ.

බ්‍රසීල නියෝජිත පිරිසෙන් ඉවත් කරන විට හුදෙකලා වූ බවත් තමන් කිසිදු විෂමාචාර ක්‍රියාවකට සම්බන්ධ නොවූ බවත් මේ වන විට නීතීඥවරුන්ගෙන් උපදෙස් ලබා ගනිමින් සිටින බවත් ඇය ප්‍රකාශ කර තිබෙනවා.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »