Melbourne Water විසින් Beaconsfield ජලාශයේ ජලය ඉවත් කර එහි ඇති ඓතිහාසික වේල්ල කඩා දමා එම ප්‍රදේශය මහජනයාට වසා තැබීමට සැලසුම් කරමින් සිටින බවට වාර්තා වනවා.
ඊට විරෝධය පළ කරමින් Beaconsfield ප්‍රදේශවාසීන් 1,600 ක පිරිසක් විසින් Save the Beaconsfield Reservoir Action Group නමින් සංවිධානයක් පිහිටුවාගෙන ඇති අතර අදාළ සැලසුම ක්‍රියාත්මක කිරීම වළක්වන්නැයි ඉල්ලා මේ දිනවල e-පෙත්සමක් අත්සන් කිරීම ද ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.
ඔවුන්ගේ ඉල්ලීම් වන්නේ මෙම ඓතිහාසික ජලාශය සහ වේල්ල ආරක්ෂා කර අනාගත පරපුරටත් ඉතිරි කිරීම මෙන්ම මෙම ප්‍රදේශය මහජනතාවට විවෘත කර තබන ලෙසටයි.
මෙම කණ්ඩායමේ ප්‍රධානි Harry Jensen පසුගියදා Shawn Mendis Lawyers හමුවී මේ සඳහා අවශ්‍ය නීති ආධාර ඉල්ලා සිටි අතර ඒ සඳහා අවශ්‍ය සියලු නීති සහය සැපයීමට ඔවුන් එකඟ වී තිබෙනවා.
මෙම කටයුත්ත සඳහා ප්‍රාදේශීය නායකයන් ද එක්ව ඇති අතර Brad Battin MP සහ Dr Renee Heath MP විසින් පෙත්සම් දෙකක් ද මේ වනවිට ආරම්භ කර ඇති බව සඳහන්.
Beaconsfield ජලාශය රැකගැනීම සඳහා Beaconsfield අවට මෙන්ම අනෙක් සියලු දෙනාට පහත e-පෙත්සම අත්සන් කරන ලෙස Save the Beaconsfield Reservoir Action Group ඉල්ලා සිටිනවා.
E- Petition – Public access to Beaconsfield Reservoir (parliament.vic.gov.au)