Search

ජනපති රනිල්ට පොහොට්ටුවේ සහය නැහැ

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා

ඒ අද (29) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පැවති දේශපාලන මණ්ඩලය රැස්වීමෙන් අනතුරුවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසා සිටියේ, මෙම තීරණයට විරුද්ධ අය සිටී නම් හෝ පක්ෂයේ අනුමැතියෙන් තොරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් වහාම එම පුද්ගලයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බවයි.

තම පක්ෂය තුළින්ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බැවින් වත්මන් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට හැකියාවක් නොමැති බව ද සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කළා.

“පොහොට්ටුව ලකුණින් පක්ෂයේ සාමාජිකයෙක් ඉදිරිපත් කළ යුතුයි කියන කාරණය ගැන අදහස් දැක්වීමක් වුණා. කිහිපදෙනෙක් විරුද්ධ වුණා. අති බහුතරයක් පක්ෂ වුණා. එහිදී අති බහුතරයෙන් සම්මත වුණා ඉදිරි ජනාධිපති මැතිවරණය සඳහා පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව. මේ තීරණයට එරෙහි වුණොත් ඒ අයටත් පක්ෂයේ කිසියම් කෙනෙක් පක්ෂ අනුමැතියෙන් තොරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් වහාම විනය ක්‍රියාමාර්ග ගන්නා බවටත් යෝජනා සම්මත වුණා.”

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »