Search

වික්ටෝරියාව 3ට ඇද දමා දකුණු ඔස්ට්‍රේලියාව පෙරමුණට එයි

ඔස්ට්‍රේලියාවේ ශක්තිමත්ම ආර්ථිකය සහිත ප්‍රාන්තය ලෙස දකුණු ඔස්ට්‍රේලියාව පෙරමුණට පැමිණ ඇති බවට CommSec විසින් නිකුත්කළ State of the States වාර්තා මගින් හෙළිව තිබෙනවා.

ඒ අනුව ශක්තිමත් රැකියා වෙළඳපොල සහ ඉදිකිරීම් අංශයන්හි පවතින දියුණුව හේතුවෙන් දකුණු ඔස්ට්‍රේලියාව මෙලෙස ඉදිරියට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

වාර්තා අනුව ඔස්ට්‍රේලියාවේ ශක්තිමත්ම ආර්ථිකය සහිත දෙවන ප්‍රාන්තය ලෙස බටහිර ඔස්ට්‍රේලියාව නම් කර ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයට හිමිව ඇත්තේ තුන්වන ස්ථානයයි.

ඉහළම කාර්ය සාධනය සහිත රාජ්‍යය ලෙසට ද දකුණු ඔස්ට්‍රේලියාව නම් කර ඇති අතර සෑම ප්‍රාන්තයක් සහ ප්‍රදේශයක්ම කාර්තුමය වශයෙන් දර්ශක අටක් භාවිතා කරමින් මෙම තක්සේරු කිරීම සිදු කර තිබුණා.

ආර්ථික වර්ධනය, සිල්ලර වියදම්, ආයෝජන, විරැකියාව, ඉදිකිරීම් ක්ෂේත්‍ර, ජනගහන වර්ධනය, නිවාස, මූල්‍ය යන ක්ෂේත්‍ර අධ්‍යයනයට යොදා ගත් දර්ශක අතරට අයත්.

දකුණු ඔස්ට්‍රේලියා වැඩ අවසන් කරන ලද ගොඩනැගිලි, වාසස්ථාන ආරම්භය සහ විරැකියාව සම්බන්ධයෙන්
තවමත් අනෙකුත් ප්‍රාන්ත සහ ප්‍රදේශවලට සාපේක්ෂව ඉදිරියෙන් සිටි බව CommSecහි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ Ryan Felsman සඳහන් කර තිබෙනවා.

ගුවන් නියමුවාගේ අවධානයෙන් බ්‍රිස්බන් වෙත ආ ජීවිත රැසක් බේරෙයි

බ්‍රිස්බන් වෙත පැමිණෙමින් තිබූ ක්වන්ටාස් ගුවන් යානයක් පීඩන පද්ධතියේ ගැටළුවක් හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රොක්හැම්ප්ටන් (Rockhampton Airport) ගුවන් තොටුපළ වෙත හදිසියේ ගොඩබස්වා තිබෙනවා.

Read More »

2024 වික්ටෝරියා අධ්‍යාපන සම්මාන නිර්දේශ අතරට ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකුත්

2024 වසරේ වික්ටෝරියා ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන සඳහා (Victoria’s education awards) ශ්‍රී ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකු ද සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »