Search

ණය හිමියන් මිලියන 3ක් ෆෙඩරල් රජයෙන් සහන ඉල්ලයි

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින cash rate අගය පහත වැටෙන දිනයක් සම්බන්ධයෙන් ණය හිමියන් මෙන්ම උකස් හිමියන් ෆෙඩරල් රජයෙන් ප්‍රශ්ණ කරනවා.

විශේෂයෙන්ම ඩොලර් ට්‍රිලියන 2.2ක් ණය වී සිටින මිලියන 3.2ක උකස් හිමියන්ට මේ සඳහා කඩිනම් පිළිතුරු අවශ්‍ය බවයි ඔවුන් රජයෙන් ඉල්ලා ඇත්තේ.

ඉදිරියේ දී cash rate දැනට පවතින සියයට 4.25 ක අගයෙන් පහළ යනු ඇති බවට ආර්ථික විශේෂඥයින් පුරෝකතනය කර ඇති අතර එය කවදා සිදු වනු ඇති ද යන්න මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ වී නැහැ.

ඔස්ට්‍රේලියාවේ cash rate අගයේ උච්චතම අවස්ථාව වාර්තා වූයේ 2022 වසරේ දෙසැම්බර් මාසයේ වන අතර එම අගය සටහන් වුනේ සියයට 7.8 ක් ලෙසයි.

වර්තමානය වන විට එහි යම් පහත වැටීමක් සිදුවුව ද එය පවතින ජීවන වියදම් අර්බුදයත් සමග ජනතාවට දැරිය නොහැකි තත්වයක් වී තිබෙනවා.

මෙම වසරේ නොවැම්බර් හෝ ලබන වසරේ මැයි මාසය අතර කාලසීමාව තුළ පොලී අනුපාතික කප්පාදුව සිදුවනු ඇතැයි ප්‍රධාන බැංකු පුරෝකථනය කර ඇති බව සඳහන්.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »