Search

මස් නොකා තරුණ වෙන්නේ මෙහෙමයි

ශාඛමය ආහාර මගින් ජීව විද්‍යාත්මකව තරුණ වීමේ හැකියාවක් පවතින බව නව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපද සමීක්ෂණ කණ්ඩායමක් මෙම අධ්‍යනය සිදු කර ඇත්තේ නිවුන් වැඩිහිටි යුගළ 21ක් යොදා ගනිමින්.

එහිදී එම නිවුන් යුගලයෙන් එක් අයෙකුට සති අටක් මස් මාංශ සහ කිරි නිෂ්පාදන ඇතුලත් මිශ්‍ර ආහාරයක් ලබා දුන් අතර අනෙක් පුද්ගලයාට එම සති 8 තුළ මස් මාංශවලින් තොර ශාඛමය ආහාර වේලක් ලබා දී තිබෙනවා.

මිශ්‍ර ආහාර වේලට දිනකට මස් ග්‍රෑම් 170 සිට 225 දක්වා ප්‍රමාණයක්, බිත්තරයක් සහ කිරි නිෂ්පාදන ඇතුළත් වූ බව සඳහන්.

අනතුරුව අධ්‍යයනය ආරම්භක අවස්ථාවේ, හතරවන සතියේ සහ අටවන සතියේ ලබා ගන්නා ලද රුධිර සාම්පල විශ්ලේෂණය කිරීමෙන් මෙම කණ්ඩායමේ DNA සහ ජාන ක්‍රියාකාරීත්වයට ආහාරවල ඇති බලපෑම විමර්ශනය කර තිබෙනවා.

මෙම අධ්‍යයනයේ අවසානය වන විට ජීව විද්‍යාත්මකව වයස පිළිබඳ ඇස්තමේන්තු වල වෙනසක් නිරීක්ෂණය වී ඇති බවයි සඳහන් වන්නේ.

නිර්මාංශ අහාර ලබා ගත් පුද්ගලයන්ගේ හෘදය, හෝමෝන සහ අක්මාව වැනි සිරුරු කොටස්වල වයසේ අඩු වීමක් ද නිරීක්ෂණය වී තිබෙනවා.

නිර්මාංශ ආහාරවල දිගුකාලීන බලපෑම්වලට අමතරව ආහාර සංයුතිය, බර සහ වයස්ගත වීම අතර සම්බන්ධය විමර්ශනය කිරීම සඳහා වැඩිදුර පර්යේෂණ අවශ්‍ය බවයි සමීක්ෂකයන් ප්‍රකාශ කර ඇත්තේ.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »