හදිසි අවස්ථාවකදී ඔබගේ ජීවිතය බේරා ගත හැකි iPhone හි සැඟවුණු පහසුකම​! – AusLanka TV – Australian News for the Sri Lankan community

හදිසි අවස්ථාවකදී ඔබගේ ජීවිතය බේරා ගත හැකි iPhone හි සැඟවුණු පහසුකම​!

හදිසි අවස්ථාවකදී ඔබගේ ජීවිතය බේරා ගත හැකි iPhone හි සැඟවුණු පහසුකම​!

ඇපල් විසින් නිෂ්පාදිත අයිෆෝන් දුරකතන වල තිබෙන සැඟවුණු කාර්යයක් මේ දිනවල ලොව පුරා කාන්තාවන්ගේ අවධානය දිනාගෙන ඇති අතර මෙම පහසුකම මඟින් හදිසි කරදරයකට ලක් වුවහොත් තමා සිටින ස්ථානය පිළිබඳ තමාගේ සමීපතයින්ට කෙටි පණිවිඩයක් යැවීම සහ වහාම හදිසි සේවා අමතා ඔබ සිටින ස්ථානය පිළිබඳව දැනුවත් කරනු ලබයි.

ඔබගේ අයිෆෝනයේ පැති බොත්තම පස් වතාවක් එබීමෙන් මෙම සේවාව ලබා ගත හැකි වේ. මෙම සේවාව​ සියලුම අයිෆෝන් සඳහා අදාළ වන නමුත් අයිෆෝන් 8 හි සිට නවතම මාදිලි සඳහා පරිශීලක-හිතකාමී ලෙස මෙම පහසුකම​ වෙනස් කර ඇත.

ඔබ SOS විශේෂාංගය භාවිතා කරන විට, ඔබගේ iPhone ස්වයංක්‍රීයව දේශීය හදිසි දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙයි. එය ක්‍රියාත්මක වීමට ස්ථානය සක්‍රිය කිරීමට අවශ්‍ය නොවේ. මෙම හේතුව නිසා iPhone භාවිතා කරන්නන් හට ඇපල් නිර්දේශ කරන්නේ තමාගේ දුරකතනයට හදිසි සම්බන්ධතාවයන් (Emergency contacts) එක් කරන ලෙසටයි.

පහත දැක්වෙන්නේ මෙම සේවාව ලබා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ගයි.

(7News)

COMMENTS