බ්‍රිස්බේන් සිට මෙල්බර්න් දක්වා පියාසර කරමින් තිබූ වර්ජින් ඔස්ට්‍රේලියා (Virgin Australia) ගුවන් යානයක පැමිණෙමින් සිටි කාන්තාවක් මියයාමේ සිදුවීමක් පිළිබඳ විමර්ශනයක් ආරම්භ වී තිබෙනවා.
එම කාන්තාව ගුවන් යානය තුළදී හදිසියේ ඇද වැටී ඇති අතර කාර්ය මණ්ඩලය විසින් හදිසි ප්‍රතිකාර ලබා දුන්න ද ගුවන් යානය ගොඩබෑමට පෙර ඇය මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.
පෙරවරු 9.30ට පමණ ඇය ගුවන් යානයේ ඇද වැටී ඇති අතර ඒ අනුව ගුවන් සේවා කාර්ය මණ්ඩලය ඇයට ප්‍රතිකාර ලබාදෙමින් Tullamarine වෙත හදිසි ගොඩබැස් වීමක් සංවිධානය කර තිබෙනවා.
ඒ අනුව යානය ගුවන් තොටුපළ වෙත ගුවන් යානය පැමිණෙන තෙක් හදිසි සේවා නිලධාරීන් ද අපේක්ෂාවෙන් පසු වූ අතර පෙරවරු 10.15 ට පමණ යානය ගොඩබස්වන විටත් කාන්තාව මියගොස් සිටි බවයි සඳහන් වන්නේ.
මෙම මරණය සැක කටයුතු ලෙස නොසලකන අතර හදිසි මරණ පරීක්ෂකවරයා වෙත ලබාදීම සඳහා වාර්තාවක් සකස් කිරීමට නියමිතයි.
මියගිය කාන්තාවගේ අනන්‍යතාවක් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු හෙළි වී නැහැ.