Search

ඇඩිලේඩ් ගුවන් තොටුපලේ ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක්

ඇඩිලේඩ් ගුවන් තොටුපළේ ආරක්ෂක කටයුතුවල බිඳවැටීමක් හේතුවෙන් සියලු මගීන් සහ කාර්ය මණ්ඩලය ප්‍රධාන පර්යන්තයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

අද උදෑසන 11ට පමණ ප්‍රධාන පර්යන්තයේ මගීන් පරික්ෂාවේදී සිදු වූ නීති උල්ලංඝණයක් හේතුවෙන් සියලු මගීන් සහ කාර්ය මණ්ඩලය නැවත පරික්ෂාවට ලක් කිරීම මීට හේතුව බවයි වාර්තා වන්නේ.

ඇඩිලේඩ් ගුවන් තොටුපළ බලධාරීන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ප්‍රාදේශීය ගුවන් යානයකින් පැමිණි මගීන් ප්‍රමාණවත් පරීක්ෂාවකින් තොරව පර්යන්තයට ඇතුළු වී ඇති බවයි.

එහි ප්‍රතිඵලයක් ලෙස පර්යන්තයේ සියලු මගීන් සහ කාර්ය මණ්ඩලය ඉවත් කරන ලද අතර සියලු මගීන් නැවත පරීක්ෂා කිරීමට සිදු වී තිබෙනවා.

ගුවන් සේවා ආරක්ෂක නිලධාරීන් සමඟ ෆෙඩරල් පොලිසියේ නියෝජිතයන් මෙම තත්ත්වය කළමනාකරණය කරමින් සිටින බව සඳහන්.

ගුවන් තොටුපළේ මගීන් නැවත පරීක්ෂා කිරීම සිදු වෙමින් පවතින අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගුවන් ගමන් ප්‍රමාදයන් ද පවතින බවයි මගීන්ට දැනුම් දෙන්නේ.

ආරක්ෂක කටයුතු වැඩි කර ඇති බැවින් සිදු විය හැකි ප්‍රමාදයන් අවම කර ගැනීම සඳහා කල් වේලා සහිතව ගුවන් තොටුපළට පැමිණෙන ලෙස ද දැනුම් දී තිබෙනවා.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »