Search

NSW කුලී නිවැසියන්ට තවත් දැවැන්ත සහනයක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මිලියන ගණනක් වූ කුලී නිවැසියන්ට සහනයක් ලබාදීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කුලී නිවැසියන් වෙනත් නිවසකට මාරු වන අවස්ථාවේදී ඔවුන් සිටි නිවස වෙනුවෙන් තැන්පත් කර තිබූ ඇප මුදල් නව දේපලට මාරු කිරීමට හැකි වන බවයි ප්‍රාන්ත රජය අද නිවේදනය කළේ.

මෙම වෙනස්කම් මගින් කුලී නිවැසියන්ට පෙර නිවස වෙනුවෙන් තැන්පත් කර ඇති ඇප මුදල් තමන් අතට ලැබීමට පෙර නව නිවසට ද ඇප මුදලක් ගෙවීමට සිදුවන ගැටලුවට විසඳුමක් ලැබෙනු ඇති බව රජයේ බලධාරීන් පෙන්වා දෙනවා.

ඔස්ට්‍රේලියාවේ පළමු වරට හඳුන්වා දෙනු ලබන මෙම Portable Rental Bonds Scheme වැඩසටහන සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ඩොලර් මිලියන 6.6ක් ආයෝජනය කරන බව සඳහන්.

අග්‍රාමාත්‍ය ක්‍රිස් මින්ස් පවසන්නේ මෙම පියවර ලබන වසර ආරම්භය වන විට ක්‍රියාත්මක කිරීමට අරමුණු කරගෙන ඇති බවයි.

ඉහළ කුලී මිල ගණන්, නිවාස හිඟය මෙන්ම ඉහළ යන උද්ධමනය මධ්‍යයේ ජීවන වියදම් සහන සැලසීම අරමුණු කර ගෙන මෙම පියවර ගත් බව ද අගමැතිවරයා සඳහන් කර තිබෙනවා.

ඔහු ඊයේ ප්‍රාන්ත රාජ්‍ය කම්කරු සම්මේලනයේදී නිවේදනය කළේ කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පොරොන්දු වූ ප්‍රතිසංස්කරණ යටතේ සාධාරණ හේතුවක් නොමැතිව කුලී නිවැසියන් ඉවත් කිරීම ද ඉඩම් හිමියන්ට තහනම් කරන බවයි.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »