ශ්‍රී ලංකා ධජය සහිත පාපිස්නා සම්බන්ධයෙන් චීනයෙන් ප්‍රතිචාර දක්වයි!

පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ ජාතික ධජය සහිත පාපිස්නා විකිණීමට Amazon වෙබ් අඩවියේ තිබූ වෙළඳදැන්වීම ඉවත් කර ගෙන ඇති බවට සඳහන් වේ.

ශ්‍රී ලංකා ධජය සහිත පාපිස්නා නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබදව අවධානයෙන් සිටින බව චීනය සඳහන් කරයි.

ජාතික ධජවලට පූර්ණ ගෞරවය දැක්විය යුතු බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ද කියා සිටියා. අදාළ භාණ්ඩ නිෂ්පාදකවරයා චීනයේ වන අතර ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය බීජිංහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම්දී තිබෙනවා.

ඊට අමතරව අදාළ භාණ්ඩ අලෙවිකරන Amazon වෙබ් අඩවියේ මූලස්ථානය පිහිටා ඇත්තේ අමෙරිකාවේ වන බැවින් ඒ පිළිබඳව සොයාබලන ලෙස වොෂිංටන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

අනවසර සංක්‍රමණික නව නීති සම්මතයි – නැවතත් අත්අඩංගුවට ගෙන වසර 03 ක් රඳවා ගැනීමට බලතල

අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ නව නීති ෆෙඩරල් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින්ද සම්මත කරගෙන තිබෙනවා.

Read More »

දකුණු ඔස්ට්‍රේලියා ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය නොවැම්බර්

මෑතකාලීනව දකුණු ඔස්ට්‍රේලියාවේ ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය බවට පසුගිය මාසය පත්වී තිබෙනවා.

Read More »

රාජ්‍ය සේවය දේශපාලනීකරණය කල බවට වික්ටෝරියා හිටපු අගමැතිට චෝදනා

වික්ටෝරියා හිටපු අගමැති ඩැනියල් ඇන්ඩෲස් ගේ පාලනය යටතේ රාජ්‍ය සේවය දැඩි දේශපාලනීකරණයට ලක්ව තිබූ බවට ප්‍රාන්ත ඔම්බුඩ්ස්මන්වරයා විසින් චෝදනා කර තිබෙනවා.

Read More »

සාමාන්‍ය ලිපි බෙදීම දින 02 කට වරක් පමණක් කිරීමට Australia Post තීරණයක්

මූල්‍ය පාඩු අවම කර ගැනීම සඳහා සාමාන්‍ය ලිපි බෙදා හැරීම දිනපතා සිදු නොකර සෑම දින 02 කට වරක් පමණක් සිදුකිරීමට Australia Post තීරණය කර තිබෙනවා.

Read More »