
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වයස අවුරුදු හයක පමණ වයස්වල පසුවන පාසල් තුළ ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිත කරන බවට අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නව දත්ත වලට අනුව හෙළිවී තිබෙනවා.
පසුගිය වසරේ වයස අවුරුදු අටට අඩු ළමුන් 47ක් ඇතුළුව ප්‍රාන්තයේ ප්‍රාථමික පාසල් සිසුන් 522ක් මෙම දුම්වැටි භාවිතය සම්බන්ධයෙන් තරවටු කර හෝ පන්ති තහනමට ලක් වූ බවටයි වාර්තා වී ඇත්තේ.
එම සිසුන්ගෙන් දෙදෙනෙක් පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි අතර ඔවුන්ගෙන් 17 දෙනෙකු 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අය බව සඳහන්.

ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂිකාවක් වන නිකොලා රහ්මන් පැවසුවේ, මෙය මීට වසර ගණනාවකට පෙර සිට නීතිවිරෝධී ඉලෙක්ට්‍රොනික දුම්වටිවලට පහසුවෙන් ප්‍රවේශ වීමට ඇති හැකියාව කෙරෙහි අවධානය යොමු නොකිරීමේ ප්‍රතිඵලයක් බවයි.
පසුගිය වසරේ පමණක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සිසුන් 5000කට අධික සංඛ්‍යාවක් වාෂ්ප භාවිතය හේතුවෙන් දඬුවමට ලක්වී තිබෙනවා.

ඔවුන්ගෙන් 719 ක් 7 වසරේ ඉගෙනුම ලබන අය බවයි සඳහන් වන්නේ.
මෙම වසරේ ජූලි 1 වැනිදා සිට ඔස්ට්‍රේලියාවේ ඖෂධ වට්ටෝරුවක් නොමැතිව ඉලෙක්ට්‍රොනික දුම්වැටි මිලදී ගැනීම නීති විරෝධී බවට අවධාරණය කර තිබෙනවා.
එහෙත් නව සමීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ නීති විරෝධිව දුම්වැටි අලෙවි කරන වෙළඳසල් තවමත් ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන බවයි.