
සිඩ්නි නගරය සහ ඒ අවට ප්‍රදේශයේ නව නිවාස දහස් ගණනක් ඉදි කිරීමේ වැඩසටහනක් ආරම්භ වි තිබෙනවා.
දේපළ වෙළඳ නියෝජිත ආයතනයක් වන PRD Real Estate සඳහන් කර ඇත්තේ සිඩ්නි තදාසන්න ප්‍රදේශවල නව නිවාස දහස් ගණනක් ඉදි කෙරෙන බවයි.
Erskineville ප්‍රදේශයේ නව නිවාස 1700ක්, Lidcombe හි නිවාස 1363ක්, Melrose Park ප්‍රදේශයේ නිවාස 1151ක්, Alexandria හි නිවාස 682ක්, Waterloo හි නිවාස 665ක්, Hurstville හි නිවාස 650 සහ Strathfield ප්‍රදේශයේ නිවාස 615ක් වශයෙන් ඉදි කෙරෙන බව සඳහන්.

නෝර්වෙස්ට්හි (Norwest) Orchards Development මහල් නිවාස 156 ක් ඊයේ අලෙවියට ඉදිරිපත් කෙරුණු අතර පැය කිහිපයක් තුළ ඉන් අඩක්ම අලෙවි වී තිබුණා.
Orchards Development ප්‍රදේශයේ තවත් මහල් ගොඩනැගිලි හතරක ඉදිකිරීම් සිදුවෙමින් පවතින අතර විශේෂඥයන් පවසන්නේ බොහෝ කාලයක් අපේක්ෂාවෙන් සිටි නිවාස වෙළඳ පොළට පැමිණ ඇති බැවින් ජනතාවට මිල සහනයක් ලැබෙනු ඇති බවයි.

සිඩ්නි හි ඇතැම් තදාසන්න ප්‍රදේශවල නිවාස සැපයුම ඉහළ නැංවීම මගින් නිවාස ගැනුම්කරුවන්ට වැඩි තේරීමක් ලබා දෙන බව ද දේපළ වෙළඳ සමාගම් සඳහන් කර තිබෙනවා.
වසර එකහමාරකට පසු පළමු වරට ප්‍රදේශයේ මහල් නිවාස මිල පහත වැටී තිබුණ ද ජනතාවට වඩාත් දැරිය හැකි නිවාස අවශ්‍ය බව ද ඔවුන් පෙන්වා දෙනවා.