Search

කාන්තා ආසියානු කුසලානයේ ඉන්දු – ලංකා අවසන් ගැටුම අද දඹුල්ලේදී

කාන්තා ආසියානු කුසලාන පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) පැවැත්වෙනවා.

ඒ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීයි.

මෙරට වේලාවෙන් අද පස්වරු 7.30ට තරගය ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඉල්ලා සිටියේ අවසන් මහා තරගයේදීත් ශ්‍රී ලංකාවට ශක්තියක් වීම සඳහා තරගය නැරඹීමට පැමිණෙන ලෙසටයි.

ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගෙන් ලැබුණු ශක්තිය තමන් ඇතුළු කණ්ඩායමට අවසන් මහා තරගය දක්වා යෑමට ආශිර්වාදයක් වූ බවද ඇය සිහිපත් කළා.

2004 වසරේදී ආරම්භ වූ ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය එක්දින මෙන්ම පන්දු වාර 20 යන ආකෘති ද්විත්වයෙන්ම පැවැත්වෙනවා.

එම තරගාවලිවල බහුතරයක් ජයග්‍රහණය කර ඇත්තේ ඉන්දීය කාන්තා කණ්ඩායමයි.

2018 වසරේදී බංග්ලාදේශ කණ්ඩායම විසින් ඉන්දියාව පරාජය කිරීම හැරුණුකොට මේ දක්වා පැවැති 2004, 2005, 2006, 2008, 2012, 2016 හා 2022 යන සෑම අදියරකදීම ජය හිමිකරගෙන සිටින්නේ ඉන්දියාවයි.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »