සාධාරණ හේතුවක් නොමැතිව කුලී නිවැසියන් ඉවත් කිරීම ඉඩම් හිමියන්ට තහනම් කිරීමට නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.
කුලී නිවැසියන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා සිදු කරන බවට පොරොන්දු වූ ප්‍රතිසංස්කරණ යටතේ සාධාරණ හේතු නොමැතිව කුලී නිවැසියන් ඉවත් කිරීම තහනම් කිරීමට නියමිතයි.
ප්‍රාන්තයේ නිවාස පද්ධතියේ නීති පරිවර්තනයකට ලක් කිරීම සඳහා පසුගිය වසරේ මැතිවරණ පොරොන්දුව අනුගමනය කරමින් අද පැවැත්වෙන රාජ්‍ය කම්කරු සම්මේලනයේදී අගමැති ක්‍රිස් මින්ස් නව නීති එළිදක්වනු ඇති.
නිවාස පිළිබඳ අමාත්‍ය රෝස් ජැක්සන් පැවසුවේ නව ප්‍රතිසංස්කරණ කුලී නිවැසියන් සඳහා සහතිකයක් ගෙන දෙන බවයි.
මේ වන විට සිඩ්නිහි කුලී නිවාස මිල ඩොලර් 750ක් ලෙස පැවති අතර එය පසුගිය වසරට වඩා සියයට 7.1 කින් ඉහළ ගොස් තිබෙනවා.
ප්‍රාන්ත රජයන් කිහිපයක් කෙටි කාලීනව කුලී වියදම් අඩු කිරීමට නව ප්‍රතිපත්ති හඳුන්වා දී ඇති අතර ඉදිරි වසර පහ තුළ නිවාස මිලියන 1.2 ක් ගොඩනැගීමේ ජාතික ඉලක්කයක් ද පවතිනවා.