Search

වංචනික ඇමතුමක් ගැන ක්වින්ස්ලන්ඩ් ජනතාවට දැනුම්දීමක්

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගල අනන්‍යතා සොරකම් කරන කණ්ඩායම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ක්වින්ස්ලන්ඩ් පොලිසිය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ජනතාවගේ පුද්ගලික තොරතුරු සොරකම් කිරීමේ උත්සාහයක් ලෙස විශ්වාසවන්ත හෝ ප්‍රසිද්ධ දුරකථන අංක භාවිතා කරමින් වංචනිකයින් මෙම ක්‍රියාවේ නිරත වන බවයි වාර්තා වන්නේ.

අනන්‍යතාව තහවුරු කිරීමේ මුවාවෙන් පෞද්ගලික දත්ත සොරකම් කිරීම් කිහිපයක් සම්බන්ධයෙන් ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

විශ්වාසවන්ත හෝ ප්‍රසිද්ධ රජයේ අංකයක් ලෙස පෙනෙන ඇමතුම් සඳහා ප්‍රතිචාර දැක්වීමෙන් වලකින ලෙසයි පොලිසිය මහජනතාවට දැනුම් දී ඇත්තේ.

තොරතුරු ලබා දීමට පෙර එහි විශ්වාසනීයත්වය සලකා බැලීම සඳහා අදාළ ආයතනය සමග සම්බන්ධ වන ලෙස ජනතාවට උපදෙස් දෙනවා.

දුරකථන ඇමතුම් ලැබීමේදී අමතන පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳ දැනගැනීමට අයිතියක් පවතින අතර ඔවුන් ඊට පිළිතුරු දීමෙන් වැළකී සිටින්නේ නම් හෝ තොරතුරු සැපයීම ප්‍රතික්ෂේප කරන්නේ ඇමතුම විසන්ධි කරන ලෙසටයි පොලිසිය උපදෙස් දී ඇත්තේ.

එමෙන්ම කිසිදු අවස්ථාවක මූල්‍ය හෝ ගිණුම් සම්බන්ධ පාස්වර්ඩ් ලබා නොදිය යුතු අතර බැංකු තොරතුරු ලබා නොදෙන ලෙසට ද වැඩිදුරටත් දැනුම් දෙනවා.

ඊට අමතරව දුරකථන ඇමතුම ලබාදෙන පුද්ගලයන්ට කිසිදු ගෙවීමක් සිදු නොකරන ලෙසට දැනුම් දෙන අතර පරිගණකය සහ දුරකථනය ඇතුළු උපාංග වෙත ප්‍රවේශවීමට අදාල මුරපද ලබා නොදෙන ලෙසටයි පොලිසිය අවධාරණය කරන්නේ.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »