Search

ඇපකරුවෙකු නොමැතිව දේපලක් මිලදී ගැනීමට ඔස්ට්‍රේලියානුවන්ට අවස්ථාවක්

ඩොලර් දහස් ගණනක මුදලක් ඉතිරි කර ගත හැකි ඕස්ට්‍රේලියානු නිවාස ඇප යෝජනා ක්‍රමයට (Home Guarantee Scheme) අයදුම් කරන ලෙස නිවාස ගැනුම්කරුවන් ඉල්ලීමක් කෙරෙනවා.

බැංකු ගාස්තු වෙනුවෙන් වැය වන ඩොලර් 25,000ක් පමණ ඉතිරි කර ගනිමින් ඇපකරුවෙකු නොමැතිව දේපලක් මිලදී ගැනීමට හැකියාව ලැබෙන රජයේ යෝජනා ක්‍රමය සඳහා අයදුම් කරන ලෙසටයි නිවසක් අපේක්ෂා කරන ජනතාවට දැනුම් දෙන්නේ.

පළමු වරට නිවසක් මිලදී ගන්නා පුද්ගලයන්, තනිව සිටින දෙමව්පියන් සහ කලාපීය ප්‍රදේශවල සිටින පුද්ගලයින්ට නිවාස මිලදී ගැනීමේ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා මෙම වැඩසටහන නිර්මාණය කර තිබෙනවා.

Home Guarantee Scheme යෝජනා ක්‍රමය යටතේ මෙම මූල්‍ය වර්ෂයේදී පුද්ගලයින් 50,000කට නිවාස වැඩසටහන් තුනක් සඳහා අයදුම් කළ හැකි බව සඳහන්.

පළමු යෝජනා ක්‍රමයෙන් මෙම මුල්‍ය වර්ෂයේදී අයදුම්කරුවන් 35,000ක් සඳහා ද කලාපීය පළමු නිවාස ගැනුම්කරුවන් සඳහා නිවාස 10,000 ක් සහ තනිව සිටින දෙමව්පියන් සඳහා නිවාස 5000ක් ද හිමි වනු ඇති.

මෙම යෝජනා ක්‍රමය යටතේ සාමාන්‍ය නිවාස සහ මහල් නිවාස මිලදී ගත හැකි අතර ඒ සඳහා මිල සීමාවන් සහ ආදායම් සීමාවන් පවතින බව ද දැනුම්දී තිබෙනවා.

සියයට 5 ක් දක්වා තැන්පතුවක් පමණක් ඇති සහ ඇපයක් ලෙස තැබීමට දේපළක් නොමැති පුද්ගලයින් සඳහා මෙම යෝජනා ක්‍රමය විශිෂ්ඨ බව උකස් සමාගම් ප්‍රධානීන් සඳහන් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »