ඔස්ට්‍රේලියාවේ බියර් මත පනවා ඇති බදු ලබන සතියේ නැවත වැඩි කිරීමට නියමිතව තිබීම හේතුවෙන් බියර් මිල ඉහළ යනු ඇති බවට මත පලවී තිබෙනවා.
ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම බදු වැඩි කිරීම හමුවේ ආර්ථික ගැටලුවලට මුහුණදී සිටින සුළු පරිමාන බීර නිෂ්පාදකයින් මත තවදුරටත් පීඩනයක් ඇති කරන බවයි.
නව දත්තවලට අනුව ඔස්ට්‍රේලියානු බියර් නිෂ්පාදකයින් 700ක පමණ පිරිසකගෙන් වාර්ෂිකව ඩොලර් බිලියන 1.93ක පමණ මුදලක් ආර්ථිකයට දායක වනවා.
එහි සේවකයන් 10,000 කට වැඩි පිරිසක් විවිධ රැකියාවල නිරත වන අතර මෙම බදු වැඩි කිරීම් හමුවේ පසුගිය වසර තුළ අවම වශයෙන් බියර් නිෂ්පාදන ආයතන 20ක් පමණ වැසී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
බොහෝ බීර කර්මාන්තශාලාවලට මුහුණ දීමට සිදුවී ඇති ප්‍රධාන ගැටළුවක් වන්නේ සෑම මාස හයකට වරක් බියර් මත පැනවෙන සුරාබදු වැඩිවීමයි.
නෝර්වේ සහ ෆින්ලන්තයට පසුව ඔස්ට්‍රේලියාව මේ වන විට ලෝකයේ තුන්වන ඉහළම බියර් බද්ද සහිත රට බව ඔස්ට්‍රේලියාවේ බෲවර්ස් සංගමය ද ප්‍රකාශ කර තිබෙනවා.