Search

ඔස්ට්‍රේලියා රග්බි කණ්ඩායම ඔලිම්පික් ඉතිහාසය අලුත් කරයි

මෙවර ඔලිම්පික් උලෙළේ සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්වී තිබෙනවා.

අද උදෑසන පැරීසියේ පැවති තරගයේදී ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව ලකුණු 18-0ක දැවැන්ත ජයක් ලබමිනුයි ඔස්ට්‍රේලියා පිරිමි සත් සාමාජික කණ්ඩායම මෙලෙස අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ.

මේ අනුව ෆීජි කණ්ඩායම සමග ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව තරගයේදී ක්‍රීඩා කරනු ඇති.

ඔස්ට්‍රේලියාවේ සත් සාමාජික රග්බි කණ්ඩායම ඉතිහාසයට එක්වන්නේ ඔලිම්පික් තරගාවලියක අවසන් පුර්ව වටයට පිවිසි පළමු අවස්ථාව මෙය ලෙසටයි.

ඔස්ට්‍රේලියා කණ්ඩායම ඇමරිකාව සමග අර්ධ අවසන් පූර්ව වටයට පිවිසුණේ ප්‍රබල කණ්ඩායමක් වන ආර්ජන්ටිනාව ද පරාජයට පත් කිරීමෙන් පසුවයි.

කණ්ඩායම් අදියරේදී ද සැමෝවා, කෙන්යාව පරාජය කළ ඔස්ට්‍රේලියාව මෙවර පැරිස් ක්‍රීඩා උළෙලේදී අපරාජිතව සිටිනවා.

ඔස්ට්‍රේලියාව රියෝ සහ ටෝකියෝ හි පැවති ඔලිම්පික් උලෙළවලදී රග්බි තරගවල පිළිවෙළින් අටවැනි සහ හත්වැනි ස්ථාන ලබා ගත් අතර එම වසර දෙකේදීම ෆීජි කණ්ඩායම රන් පදක්කම දිනා ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »