Search

ඔස්ට්‍රේලියානුවන් ලක්ෂ 34 කගේ ගිණුම්වල $1,000ක් වත් නෑ

ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් ඩොලර් 1000ට වඩා අඩු ඉතුරුම් වත්කමක් සහිතව ජීවත් වන බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන් මිලියන 3.4ක පමණ පිරිසකට මෙලෙස ඩොලර් 1000ක හෝ ඉතුරුම් තැම්පතුවක් නොමැතිව ජීවත් වන බවයි සමීක්ෂණයේ දී හෙළිවී ඇත්තේ.

InfoChoice state of Aussies හි ඉතුරුම් සමීක්ෂණවලට අනුව උද්ධමනය සහ පොලී අනුපාත ඉහළ යෑම හේතුවෙන් මෙලෙස ඉතුරුම් තැම්පතුවක් පවත්වාගෙන යා නොහැකි බව අනාවරණය වී තිබෙනවා.

සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ පුද්ගලයින් 1000ක් අතුරින් සියයට 16කට පමණ ඩොලර් 1000ට වඩා අඩු ඉතුරුමක් ඇති අතර තවත් සියයට 49ක් සදහන් කළේ ආහාර, බලශක්තිය සහ නිවාස වැනි අත්‍යවශ්‍ය දෑ මිල දී ගැනීමටවත් ප්‍රමාණවත් ඉතුරුමක් හෝ නොමැති බවයි.

මාසිකව නිවාස කුලී ගෙවීමට සිදුවීම හේතුවෙන් මෙලෙස ඉතුරුම් තැම්පතුවක් පවත්වාගෙන යා නොහැකි බව මේ සදහා ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 50.2 ක් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම අධ්‍යනය වයස් මට්ටම් අනුව සිදු කර ඇති අතර තරුණ ප්‍රජාවට සාපේක්ෂව වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් අතර ඉතුරුම් තැම්පතු පවතින බව හෙළිව තිබෙනවා.

තවද කාන්තා සහ පිරිමි දෙපාර්ශවයම අනවශ්‍ය ලෙස වියදම් සිදු කරන අංශ පිළිබඳව ද මෙහිදී හෙළිවී ඇති අතර කාන්තාවන් රූපලාවන්‍ය ද්‍රව්‍ය වැනි භාණ්ඩ සඳහා වැඩි වශයෙන් වියදම් කරන බවයි අනාවරණ කර ඇත්තේ.

එමෙන්ම පිරිමි පුද්ගලයන් සූදුවට මුදල් වියදම් කිරීමට තුන් ගුණයකින් වැඩි වී ඇති අතර මත්ද්‍රව්‍ය සඳහා වියදම් කිරීමට අට ගුණයකින් වැඩි වීමේ ප්‍රවනතාවක් පවතින බවද එහිදී හෙළිව තිබෙනවා.

2024 වික්ටෝරියා අධ්‍යාපන සම්මාන නිර්දේශ අතරට ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකුත්

2024 වසරේ වික්ටෝරියා ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන සඳහා (Victoria’s education awards) ශ්‍රී ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකු ද සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »