
මෙල්බර්න් හි ඩොලර් 200 සංචාරක වවුචර සඳහා අයදුම්පත් තවත් පැය කිහිපයකින් විවෘත වීමට නියමිතය. අවසන් වරට සංචාරක වවුචර් නිකුත් කල පසු පැය කිහිපයකින්ම සියලුම වවුචර්පත් අවසන් වී ඇත.
මෙල්බර්න් සංචාරක වවුචර් වෙන් කරවා ගැනීම සිකුරාදා උදේ 10 ට විවෘත වන බව සංචාරක අමාත්‍ය Martin Pakula බ්‍රහස්පතින්දා නිවේදනය කළේය.
මෙම නවතම නිකුතුවේ වවුචර 40,000 ක් ඇතුලත් කර ඇත. වවුචර් සැලසුම් කර ඇත්තේ මෙල්බන් නගරයේ (ග්‍රේටර් මෙල්බර්න්) සංචාරය කිරීමට අර්ධ වශයෙන් සහනාධාර ලබා දීම සඳහා ය. ඒවාට ප්‍රවේශ වීම සඳහා අමුත්තන් නවාතැන්, ආකර්ශනීය ස්ථාන හෝ අත්දැකීම් සඳහා අවම වශයෙන් ඩොලර් 400 ක් වත් වියදම් කළ යුතු අතර අවම වශයෙන් රාත්‍රී දෙකක් නවාතැන් පහසුකම් සඳහා ගෙවා නවාතැන් ගත යුතු වේ.

මෙම ක්‍රමය සැලසුම් කර ඇත්තේ මෙල්බර්න් හි සංචාරක හා ආගන්තුක සත්කාර කර්මාන්ත නගා සිටුවීම සඳහාය.
වයස අවුරුදු 18 හෝ ඊට වැඩි වික්ටෝරියානු පදිංචිකරුවන් සඳහා අයදුම්පත් විවෘත වේ. මාර්තු 19 සිට මැයි 16 දක්වා සති අටක කාලය ඇතුලත සංචාරයේ යෙදීමට මෙම වවුචර්පත් යොදා ගත හැකි වේ.

අයදුම්කරුවන් රියදුරු බලපත්‍රයක්, වයස් කාඩ්පතක් හෝ ජ්‍යෙෂ්ඨයින්ගේ කාඩ්පතක් ලබා දිය යුතු අතර ඔවුන්ගේ මිලදී ගැනීම් පිළිබඳ සාක්ෂි (රිසිට්පත් වැනි) ඉදිරිපත් කළ යුතුය.
මෙම වවුචර් සඳහා අයදුම් කිරීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න.