Search

හෙලිකොප්ටර් දෙකක් ගැටී දෙදෙනෙක් මියයයි

බටහිර ඔස්ට්‍රේලියාවේ කිම්බර්ලි ප්‍රදේශයේ හෙලිකොප්ටර් දෙකක් එකිනෙක ​​ගැටීමෙන් සිදු වූ අනතුරකින් එහි නියමුවන් දෙදෙනා මියගොස් තිබෙනවා.

අද පෙරවරු 6.20ට පමණ කැම්බලින්හි (Camballin) මවුන්ට් ඇන්ඩර්සන් (Mount Anderson) අසලින් පිටත් වූ හෙලිකොප්ටර් යානා ගවයන් ඒකරාශී කරමින් සිටියදී එකිනෙක ගැටී ඇති බව සඳහන්.

බටහිර ඔස්ට්‍රේලියා පොලිසිය පැවසුවේ අවුරුදු 29 සහ 30 හැවිරිදි වියෙහි පසු වූ නියමුවන් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි.

අනතුර පිළිබඳ ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ කාර්යාංශයට දැනුම් දී ඇති අතර මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ද ක්‍රියාත්මකයි.

ඕස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ කාර්යාංශය (ATSB) ද මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන අතර, කැන්බරා සහ බ්‍රිස්බේන් සිට විමර්ශන කණ්ඩායමක් එම ස්ථානයට යන බව සඳහන්.

මෙම විමර්ශනයේදී ආරක්ෂක ගැටළුවක් හඳුනා ගතහොත් අදාළ පාර්ශවයන් වෙත දැනුම් දී විශේෂ ආරක්ෂිත පියවර ගැනීමට ද සුදානම් බවයි බලධාරීන් සඳහන් කළේ.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »