Search

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වී තිබෙනවා.
.
1943 මාර්තු මස 8 වැනිදා බදුල්ල ලුණුගල ප්‍රදේශයේ උපත ලැබූ ඔහු මිය යනවිට 81 වන වියේ පසුවුණා.

මතුගම ආනන්ද ශාස්ත්‍රාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබු ඔහු ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් ලද වික්‍රමබාහු කරුණාරත්න 1970 වසරේදී ආචාර්ය උපාධියක් ද ලබාගත්තා.

වාමාංශික දේශපාලන නායකයෙකු වූ වික්‍රමබාහු කරුණාරත්න කම්කරු සටන් වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක නිරත වීම හේතුවෙන් සිරගත වීමට පවා ලක්වූ අයෙක්.

එමෙන්ම වාමාංශික දේශපාලනය වෙනුවෙන් සිය ජීවිත කාලයම කැප කළ ඔහු අසීරු අවස්ථාවන්හිදී පවා නොවෙනස්ව තම ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටි නායකයෙක් ලෙසටයි සැලකෙන්නේ.

වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »