Search

වික්ටෝරියා ප්‍රාන්ත ගිලන් රථ සේවකයන් පිරිසකට රස්සාවත් නැතිවෙයි

අතිකාල සේවා වංචාවක් සම්බන්ධයෙන් වික්ටෝරියා ගිලන්රථ සේවකයින් පිරිසකගේ වැඩ තහනම් කිරීමට ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මෙම සේවකයින් වැටුප් දෙපාර්තමේන්තුවෙන් වංචනික ලෙස අතිකාල ඉල්ලා ඇති බවට සහ ඔවුන් රැකියාවේ නිරත නොවූ සේවා මුර සඳහා ගෙවීම් කර ඇති බවට චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

වික්ටෝරියා ගිලන් රථ සේවය පැවසුවේ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බවයි.

වැඩ තහනමට ලක්වූ සේවකයන් වංචා කළ බවට චෝදනා එල්ල වී ඇති මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 3.5ක්.

2023 වසරේ මුල් භාගයේදී වික්ටෝරියා ගිලන් රථ සේවයේ ප්‍රධාන විධායක නිලධාරියාට ද මෙම චෝදනා එල්ල වූ අතර පසුව එය දූෂණ විරෝධී කොමිසම (IBAC) වෙත යොමු කෙරුණා.

සේවකයින්ට මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට අවස්ථාව ලබා දී ඇති අතර වික්ටෝරියා රජයේ ප්‍රකාශකයෙකු පැවසුවේ සේවකයන්ගේ හැසිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බවයි.

2024 වික්ටෝරියා අධ්‍යාපන සම්මාන නිර්දේශ අතරට ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකුත්

2024 වසරේ වික්ටෝරියා ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන සඳහා (Victoria’s education awards) ශ්‍රී ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකු ද සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »